අරගලකරුවන්ට පහරදීමට රාජ්‍ය දේපළ අවභාවිත කරමින් නිලධාරීන් පිරිසක් ගිහිල්ලා

438

කෝටි 5 කට අධික රාජ්‍ය දේපළ වැනසීමට ඉඩ සැලසූ ශ්‍රී ලංගම නිලධාරීන් ගැන බලධාරීන් නිහඬ ඇයි?

පසුගිය මැයි 9 වැනි දින ගාලුමුවදොර ගෝඨාගෝගම හා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම නිර්පාක්‍ෂික විරෝධතාවල යෙදුණු පිරිස් වෙත පහරදීම සඳහා සම්බන්ධ වී ඇති ශ්‍රී ලංගම නිලධාරීන් පිළිබඳව ඔවුන් ගේ ක්‍රියාකලාපයන් ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංගම නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් අර්. එම්. බන්දුල රත්නායක මහතා පවසයි.

දේශපාලන කටයුතු සඳහා සමහර වාහන අවභාවිත කිරීම ද එදින සිදුව ඇති බවත් එදින වූ සිද්ධීන්වලින් ශ්‍රී ලංගමට කෝටි 5 කට අධික අලාභයක් ද සිදුව තිබේ.

එදින අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම නින්දනීය ක්‍රියාවක් ලෙස හෙළා දකින බව ද ඔහු පවසයි. දැනට සිද්ධිය වී දින 16 කට අධික කාලයක් ගතව ඇතත් මහජන දේපළ හානි කිරීමට ඉඩ ලැබෙන පරිදි අවභාවිතා කළ නිලධාරීන් ගැන කිසිදු පරීක්‍ෂණයක් ශ්‍රී ලංගම සභාපති කර නැති බව ද ඔහු අවධාරණය කරයි. ශ්‍රී ලංගමට මෙම සිද්ධියෙන් හානි වූ වාහන ගැන ද මෙලෙස ඔහු කරුණු දක්වයි. අරගලකරුවන්ට පහරදීමට අමතරව ඇති වූ ගැටුමේදී ලංගමය සතු රාජකාරි කටයුතු වෙනුවෙන් භාවිත කරනු ලබන 32 – 2281 දරන ජීප් රථය” 32 – 1990 ජීප් රථය හා 59 – 1934 දරන වෑන් රථය ගිනි තබා සම්පූර්ණයෙන් ම විනාශ කර ඇති අතර රාජකාරි වේලාව තුළදී දේශපාලන කටයුතු වෙනුවෙන් මෙම වාහන සෘජුවම අවභාවිතා කර ඇත. මීට අමතරව පහත නම් සඳහන් ඩිපෝවල බස් රථ 19ක් බරපතළ ලෙස අලාභහානි සිදුකර ඇති අතර දිවුලපිටිය ඩිපෝවට අයත් NA – 7068 බස් රථය සම්පූර්ණයෙන් ම ගිනි තබා විනාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment