‘මාස්’ සා.පෙළ සිසුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයයි

201

මාස් (MAS) සමූහ ව්‍යාපාරය මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා සිය පදිංචි ප්‍රදේශයේ සිට අදාළ විභාග මධ්‍යස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් නොමිලයේ සැපයීමට කටයුතු යොදා ඇත. එලෙසම විභාග රාජකාරි සඳහා සහභාගී වන ගුරුභවතුන් සඳහා ද ඒ සඳහා අවස්ථාව ලැබේ.

‘සාමාන්‍ය පෙළ සිසු සහන සැරිය’ නමින් නම් කරැති මෙම සහන සේවයෙන් ප්‍රවාහන පහසුකම් අපේක්‍ෂා කරන සිසු, සිසුවියන් හා ගුරු භවතුන්ට තමන්ට අදාළ ප්‍රදේශයට අනුව ඇමතුමක් ලබාදීමෙන් මෙම පහසුකම් ලබාගත හැක.

(ගාල්ල-මාතර) යුනිචෙලා කොග්ගල-0778014392, 0761404167 හා 0765292467 (බස් රථ 03 ක් යොදා ඇත.), (පානදුර) සුනිචෙලා පානදුර-0777414103, 0779170001, 0777770889 (බස් රථ 03 යි), (ගම්පහ-කැලණිය) යුනිචෙලා බියගම-0710950309, 0766191700 (බස් රථ 03 යි), (කඩවත/කිරිබත්ගොඩ/පෑලියගොඩ/දෙමටගොඩ

/බොරැල්ල/බම්බලපිටිය) සිළුඑටා බියගම-0767194553 (බස් රථ 02 යි.), (කෑගල්ල/මාවනැල්ල) තුරුලි-තුල්හිරිය-0772485582, (බස් රථ 04 යි), (සඳලංකාව-

ගිරිඋල්ල-පන්නල) ස්ලිම් ලයින් පන්නල-0742154987 (බස් රථ 07 යි.) (කුලියාපිටිය) ස්ලිම් ටෙක්ස් කුලියාපිටිය (බස් රථ 05 යි) 0777507010, (මහනුවර)-ලීනියා ක්ලෝදින් මහනුවර (0769702886-බස් රථ 04 යි.), (කුරුණෑගල/මාවතගම) කැෂුවල් ලයින්-මාවතගම 0772067035 (බස් රථ 04 යි), (කිළිනොච්චි) විදියල් (කිළිනොච්චි) 0763520932 (බස් රථ 04 යි.) එලෙස දරුවන් බස් රථවලින් ප්‍රවාහනය කරන අයුරු ඡායාරූපවල දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment