ක්‍රීඩාවට දක්‍ෂ පාසල්වලට ලබන වසරේ විශේෂ මූල්‍ය සහායක්

37

විවිධ ක්‍රීඩාවන්ට දක්ෂතා දක්වා ඇති පාසල් සඳහා ලබන වසරේදී (2024) විශේෂ මූල්‍ය සහයෝගයක් දැක්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය.

කොළඹ දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය. ඇමැතිවරයා එහිදී මෙසේද කියා සිටියේය.

“ක්‍රීඩා පාසල් ක්‍රමය අසාර්ථකයි. දැන් වලල ඒ රත්නායක පාසල ක්‍රීඩා පාසලක් නොවුණත් ජාත්‍යන්තර වශයෙන් රන් පදක්කම් ලබා ගන්නවා. ඒ වගේම මෙවර ජාතික පාසල් මලල ක්‍රීඩා උළලේදී නව තරග වාර්තා 23ක් තිබ්බා. ඒ අති බහුතරයක් ආවේ ක්‍රීඩා පාසල්වලින් නොවෙයි. වලල ඒ රත්නායක වගේ වෙන්නප්පුවේ ජෝෂප් වාස්, රත්නපුර ගන්කන්ද, නාත්තන්ඩිය දම්මිස්සර, සීදුව දවිසමර වැනි විද්‍යාලත් තිබෙනවා. ඒ නිසා ලබන අවුරුද්දට වෙන්වන ප්‍රතිපාදනවලින් මේ පාසල් ඉලක්ක කරගෙන අවශ්‍ය සහයෝගය ලබා දෙන්නට මම බලාපොරොත්තු වෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment