IMF දෙවැනි වාරිකය ගැන තීරණය අද කියයි

75

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකමට අදාළ අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවන වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් එම අරමුදලේ විධායක කමිටුව විසින් ඊයේ (12දා) සලකා බැලූ අතර ඒ පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (13දා) උදේ 8.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු දින දර්ශනයට අනුව ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවිය.

මේ සම්බන්ධ තීරණය ප්‍රකාශයට පත් කිරීමේ මාර්ගගත මාධ්‍ය සාකච්ඡාවක් අද උදේ 8.00ට (වොෂින්ටන් වේලාවෙන් දෙසැම්බර් 12 දින රාත්‍රි 9.30ට) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්රුවර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment