හෝටලයට අනවසරයෙන් ඇතුළු වී හිමිකාර විදෙස් කතට පහරදුන් රුසියානු ජාතිකයා දැලේ

661

උණවටුන ප්‍රදේශයේ වසාදමා ඇති හෝටලයකට අනවසරයෙන් ඇතුළු වී එහි හිමිකාරිය වූ එංගලන්ත ජාතික කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් රුසියානු ජාතිකයෙකු පෙරේදා (05 දා) අත්අඩංගුවට ගත් බැව් හබරාදුව පොලිසිය පවසයි.

රුසියානු ජාතිකයා බීමත්ව මෙකී හෝටලයට අනවසරයෙන් ඇතුල්වී නිදාගෙන සිට ඇත. හෝටලයේ හිමිකාරිය මේ පිළිබඳ රුසියානු ජාතිකයාගෙන් විමසා ඇත. ඉන් කෝපයට පත් රුසියානු ජාතිකයා හෝටලයේ හිමිකාරියට පහරදී ඇත. මෙකී පහරදීම සම්බන්ධයෙන් එංගලන්ත ජාතික කාන්තාව විසින් උණවටුණ සංචාරක පොලිස් මුරපොළ වෙත කරනු ලැබූ පැමිණිල්ලකට අනුව හෝටලයට අයුතු ඇතුළුවීම හා පහරදීම සම්බන්ධයෙන් රුසියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.

රුසියානු ජාතිකයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment