ජෙරොම්ගේ පෙත්සම ගැන නීතිපති උපදෙස් පතයි

89

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක් වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය.

එම පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා එලෙස පැවසීය.

පෙත්සම්කරුගේ නීතිඥවරයා කළ එම කරුණු දැක්වීම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය. ඒ අනුව එම පෙත්සම ලබන වසරේ මාර්තු 14 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය. සිය පෙත්සම සංශෝධනය කිරීමට හෝ නව පෙත්සමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment