කුරුන්දි විහාරය ළඟ හෙට බෞද්ධ – හින්දු ගැටුමක් ඇති වෙන්න ඉඩ දෙන්න එපා

116

උදය ගම්මන්පිල

ලබන 18 වැනිදාට (හෙට) කුරුන්දි විහාරය ළඟ බෞද්ධ – හින්දු ගැටුමක් ඇති නොවීමට වගබලා ගන්න යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (16දා) පැවසීය.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මේ බව කීවේය. ඔහු මෙසේ ද පැවසීය.

මීට වසර 2,200කට පෙර ඉදි කරපු කුරුන්දි සෑය හින්දු කෝවිලක් කියලා දෙමළ දේශපාළුවන් කියන්නේ. අගෝස්තු 18 දා හින්දු කෝවිලක් එතැන ස්ථාපිත කරන්න තමන් පැමිණෙන බවට දෙමළ දේශපාලකයන් දැනටමත් ප්‍රකාශ කරලා තිබෙනවා. සෙල්ලිපි, පුරාවස්තු සහ ඓතිහාසික ග්‍රන්ථ මගින් බෞද්ධ විහාරයක් බව සනාථ කර ඇති මේ ස්ථානය හින්දු කෝවිලක් කරන්න දෙමළ බෙදුම්වාදීන් කටයුතු කරන්නේ ඊනියා දෙමළ නිජබිම හරි මැද දැවැන්ත සිංහල ශිෂ්ටාචාරයක් මතු වීමෙන් නිජබිම් සංකල්පය නිරුවත් වුණු නිසා. මේ ඓතිහාසික පුදබිමේ ආරක්ෂාවට බෞද්ධයන් අගෝස්තු 18 කුරුන්දි විහාරය වටා රොක් වෙනවා. අවසානයේදී මෙතැන බෞද්ධ – හින්දු ගැටුමක් ඇතිවීම වැළැක්වීමට දෙමළ අන්තවාදීන්ව නැවැත්වීමට කටයුතු කරන මෙන් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment