සුභූති නාහිමිගෙන් වලස්මුල්ල රෝහලට ලක්ෂ 100කට අධික උපකරණ

107

රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත රජවැල්ලේ සුභූති නායක ස්වාමීන් වහන්සේගේ පෞද්ගලික මැදිහත් වීමෙන් විදෙස්ගත පුද්ගලයන්ගෙන් ලද ආධාර උපකාර ඇතිව ලක්ෂ 100කට අධික වටිනාකමකින් යුක්ත වෛද්‍ය උපකරණ තොගයක් වලස්මුල්ල රෝහල වෙත පසුගිය දිනක පරිත්‍යාග කෙරුණි.

වලස්මුල්ල රෝහල සඳහා අත්‍යාවශ්‍යව තිබූ වෛද්‍ය උපකරණ රැසක් මෙලෙස නාහිමියන් අතින් වලස්මුල්ල රෝහලේ රෝහල් අධිකාරී රංග චන්ද්‍රසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත ප්‍රදානය කෙරුණි.

ලක්ෂ 100 කට අධික වටිනාකමකින් යුතු මෙම උපකරණ තොගය අතර ශල්‍යාගාරයේ භාවිත කෙරෙන යන්ත්‍රයක්, දැඩි සත්කාර ඒකකය සඳහා යත්‍රයක්, ඇසේ සුද ඉවත් කිරීමේ කිරීමේ ශල්‍යකර්ම සිදුකරන ලබන උපකරණ දෙකක්, ශීතකරණයක් සහ සුදු යකඩ වලින් නිෂ්පාදිත සේලයින් රඳවන 50 ක් ඇතුළු අත්‍යවශ්‍ය සහ වටිනා උපකරණ රාශියක් පරිත්‍යාග කෙරුණි.
මත්තල – දිලිප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment