ෆිෆා ශ්‍රී ලංකා කලාපීය තරගාවලිය: ආරම්භක තරගයෙන් මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයට පහසු ජයක්

215

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් අහිමිවූ කණ්ඩායම් අතර කලාපීය මට්ටමින් ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරෙන ෆිෆා දෙවන පෙළ තරගාවලිය ආරම්භ කරමින් මධ්‍යම අප්‍රිකානු රාජ්‍යය හා භූතානය අතර කොළඹ තුරග තරග ක්‍රීඩාංගණයේදී ඊයේ (22 දා) පැවති තරගයෙන් ගෝල් 6-0 ක පහසු ජයග්‍රහණයක් මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයට හිමි විය.

ඊයේ පස්වරුවේ පැවැති එම තරගය තනිකර ඒක පාර්ශවීය තරගයක් ලෙස සියලු ගෞරව දිනා ගැනීමට මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය ක්‍රීඩකයෝ සමත් වූහ.

භූතාන ක්‍රීඩකයන්ට කිසිදු ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව ලබා නොදුන් ප්‍රතිවාදී මධ්‍යම අප්‍රිකානු රාජ්‍ය ක්‍රීඩකයෝ සිය ආධිපත්‍යය මැනවින් ප්‍රදර්ශනය කරමින් එම ජයග්‍රහණය ලැබූහ.

මේ අතර එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ඊයේ රාත්‍රී 8.45 ට පැපුවානිව්ගිනියා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment