07 වන වරටත් ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට – 33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල

176

33 වැනි ජාතික යෞවන කි්‍රඩා උළෙලේ සමස්ත ශ+රතාවය ලකුණු 170 ක් ලබාගත් ගම්පහ දිස්ත්‍රික්කය විසින් ඊයේ (22දා)  දිනාගනු ලැබූ අතර, ඔවුන් මෙවර එම ශූරතාව දිනාගනු ලැබුවේ පිට පිටම 7 වන වතාවටය.

07 වන වරටත් ශූරතාව  ගම්පහ දිස්ත්‍රික්කයට  - 33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල

ක්‍රීඩා උළෙලේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ලකුණු 102 ක් ලබාගත් කොළඹ දිස්ත්‍රික්කය හා ලකුණු 93 ක් ලබාගත් මහනුවර දිස්ත්‍රික්කය විසින් දිනාගනු ලැබීය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම ක්‍රීඩා උළෙල 19 දා සිට 22 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙහිදී නව තරග වාර්තා 11 ක් බිහි කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

33 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ 20 න් පහළ දක‍ෂතම ක්‍රීඩකයා ලෙසින් මීටර් 110 කඩුලූ පැනීම තරග ඉසව්වේ (තත්.14.27) දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් බිහි කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බී.ඒ.එස්.කේ ඩයස් ක්‍රීඩකයා විසින් දිනාගනු ලැබීය. මෙහි දක‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් මීටර් 400 තරග ඉසව්වෙන් (තත්.56.00) දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් බිහි කළ ගම්පහ දිස්ත්‍රික්කයේ සයුරි ලක්ෂිමා මෙන්්ඩිස් ක්‍රීඩිකාව විසින් දිනාගනු ලැබීය. 20 න් ඉහළ දක‍ෂතම ක්‍රීඩකයා ලෙසින් දුර පැනීම තරග ඉසව්වෙන් (මීටර් 7.52) ක දක්ෂතාවයක් දැක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ එච්.බී.එම්.වයි.පී.බී හේරත් ක්‍රීඩකයා විසින් දිනාගනු ලැබූ අතර, මෙහි දක‍ෂතම ක්‍රීඩිකාව ලෙසින් මීටර් 400 කඩුලූ පැනීම තරග ඉසව්වේ (මිනිත්තු 1.00.44) ක දක්ෂතාවයක් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊ.කේ මධුෂානි ක්‍රීඩිකාව විසින් දිනාගනු ලැබූ අතර, මෙහි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා හට කුසලානය බැගින් හා මුදලින් රු.250000 බැගින් හිමි විය.

07 වන වරටත් ශූරතාව  ගම්පහ දිස්ත්‍රික්කයට  - 33 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල
20 න් පහළ දක්ෂතම කී්‍රඩකයා/කී්‍රඩිකාව – බී. සයුරි ලක්ෂිමා මෙන්ඩිස්, සිතිජ කෞශල්‍ය ඩයස් 20 න් ඉහළ දක්ෂතම කී්‍රඩකයා/කී්‍රඩිකාව – යසිදු හේරත්, කෞශල්‍යා මධුශානි

මෙම ක්‍රීඩා උළෙලේ සමස්ත ශ+රතාව දිනාගත් ගම්පහ දිස්ත්‍රික්කයට ශ+රතා කුසලානය සම`ගින් රු.150000 ක් ද, අනුශ+රතාව දිනාගනු ලැබූ කොළඹ දිස්ත්‍රික්කයට අනුශ+රතා කුසලානය සම`ගින් රු.100000 ක් ද, තෙවන ස්ථානය දිනාගත් මහනුවර දිස්ත්‍රික්කට රු.75000 ක් ද හිමිවිය.

සමාප්ති සමාචාර උළෙල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, මහජන ආරක‍ෂක අමාත්‍ය සරත් වීරකේසර ඇතුළු මැති ඇමතිවරුන්ගේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක‍ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් දිල්ෂාන් චතුරංග ජයකුරු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

ටී.අනිල් සිරිවර්ධන – කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment