නව සන්ධානයේ දෙවැනි රැලිය අද

297

කොළඹ හයිඩ් පිටියේදී

‘ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්’ තේමාව යටතේ නව සන්ධානයේ දෙවන ජන රැළිය අද (24දා) ප.ව. 2.30ට කොළඹ හයිඩ් පිටියේදී පවත්වන බව එහි නිර්මාතෘ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ‘දිවයින’ ට කීය.

නැඟෙනහිර හා කොළඹ නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයින් කිහිපදෙනෙකු ද නව සන්ධාන වේදිකාවට ගොඩවීමට නියමිතය.

නව සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්, වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලන්සා, ප්‍රියංකර ජයරත්න, සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරුද මෙම රැළිය අමතති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment