සිසුන් දෙදෙනා අරගෙන ගොස් ආගම මාරු කරවන්න හදලා !

3736

සැකකරු අල්ලන්න පරීක්‍ෂණ

බාලවයස්කාර පාසල් සිසුවියක සහ සිසුවකු නීත්‍යානුකූල භාරකත්වයෙන් අපහරණය කර දේශනයක් පවත්වා ඔවුන් ඒ ආගමට හරවා ගැනීම උත්සාහ කළේ යැයි කියන සිද්ධියට අදාළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ වේයන්ගොඩ, මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක හා වේයන්ගොඩ මාලිගාවත්ත පදිංචි 15 හැවිරිදි සිසුවෙකි.

පසුගිය 21 වැනිදා පාසල නිමවීමෙන් පසුව සිසුවා හා පාසල් ශිෂ්‍යාව සැකකරු විසින් ඔහුගේ මෝටර් රථයක නංවාගෙන දඩගමුවේ ස්ථානයක් වෙත ගොස් ඇති බවත් එහිදී සැකකරු විසින් යම් දේශනයක් පවත්වා ඇති බවත් විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය පවසයි.

අදාළ සිසුවා එදින පාසල් ගොස් නැති අතර, පාසල් නිමවීමෙන් පසු පාසල් සිසුවිය හමුවී ඇත. එලෙස මෙම දෙදෙනා කතාබහ කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ ඇති සැකකරු ඔවුන් සමඟ කතාබහකර රැගෙන ගොස් අදාළ දේශනය සිදුකර ඇතැයි හෙළිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර. පො. ප. අසංග රන්වල මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment