ගෝල්ෆේස් අරගලයට දින 25 යි

203

ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් පසුගිය 09 වැනිදා කොටුව ගාලුමුවදොර ආරම්භ වූ ජන අරගලය ඊයේ (03දා) 25 වැනි දිනයටත් අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක විය.

ඊට සමගාමීව අගමැතිවරයාට වහා ඉවත්වන ලෙසට බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලුපාර පිවිසුම අසල පැවැත්වෙන අරගලයද ඊයේ (03දා) 7 වැනි දිනයටත් පැවැත්විණි.

එසේම ගාලුමුවදොර අරගල භූමියේදී පෙරේදා (02 දා) රාත්‍රියේදී සංගීත වැඩ සටහන් ඇතුළු විශේෂාංග රැසක් පැවැත්විණි.

25 වැනි දිනටත් පැවති ගාලුමුවදොර අරගල භූමියට රටේ විවිධ පාර්ශව එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ අය මෙසේ පැවසූහ.

මේ රට කෑලි කෑලි වලට විකුණලා විකුණලා මේ ගොල්ලන්ගේ මල්ල පුරවා ගත්තා. මේගොල්ලො හොරකම් කරපු සල්ලි ටික ගත්තා නම් අද අපේ දරුවෝ ණය වෙන්නේ නැහැ. මේ දුර්දාන්ත ආණ්ඩුව නිසා රටේම ජනතාව අද දුක්විඳිනවා. රාජපක්‍ෂවරු එලවනකම් අපි ගෙදර යන්නේ නැහැ.

මේ අතර අරගල භූමියේ මුස්ලිම් ජනතාව අරගලය කරන තරුණ පිරිස් සමග ඊයේ රාමසාන් උත්සවය සැමරූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment