විශාල මුදලක් ඉතිරි වෙයි – රෝහල්වල අක්‍රීය යන්ත්‍ර ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයෙන් අලුත්වැඩියා කරගන්න

188

විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති

රෝහල් පද්ධතිය තුළ පවතින ක්‍ඔල ඡෑඔ ඇතුළු යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා එම යන්ත්‍ර ආනයනය කළ සමාගම්වලට නොදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකය මගින් අලුත්වැඩියාවන් සිදුකළහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල මුදලක් ඉතිරිකර ගත හැකි යැයි විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය. මෙම ඒකකය අකර්මණ්‍ය වීමට ඉඩහැර ඇතැයි ද ඔහු කීය.

රෝහල්වල දැනට අක්‍රීයව පවතින බොහෝ යන්ත්‍රවල කොටස් අදාළ සමාගම්වලින් සහ වෙනත් විවෘත සමාගම්වලින් මිල ගණන් කැඳවා අඩු මිලක් නියම කරන ආයතනයෙන් කොටස් මිලදී ගැනීමේ හැකියාව පවතින බව ද ඔහු කීය. ජාතික රෝහලේ හෘද කැතීටරය විවෘත වෙළෙඳපොළෙන් කොටස් ගෙන අලුත්වැඩියා කළ බවත් ඉන් විශාල මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉතිරි වූ බවත් ඔහු කීය.

රෝහලකට යන්ත්‍ර ගෙන්වීමට පෙර විශේෂඥ වෛද්‍යවරයෙක්, ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ නිලධාරියෙක් සහ විකිරණ තාක්‍ෂණවේදී නිලධාරියෙක් එම යන්ත්‍රය පිළිබඳ පුහුණුවක් ලබා ගැනීමෙන් පසු ගෙන්වීම සිදුකරන බවත් ඔහු කීය. එවැනි යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීමට සිදුවුවහොත් අදාළ සමාගමෙන් මිල ගණන් සමඟ විවෘත වෙළෙඳපොළෙන් ද මිල ගණන් කැඳවා සෞඛ්‍ය අමාත්‍යාංශය මිල අඩු ආයතනයෙන් අමතර කොටස් මිලදී ගැනීමට කටයුතු කරනවා නම් විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment