මෙවන් විපතක් තවත් දරුවකුට වෙන්න එපා – නාගොඩ රෝහලෙන් නිසි ප්‍රතිකාර ලැබුණා නම් මගේ දරුවා ජීවතුන් අතර ඉන්නවා

524

ඊයේ මරණයට පත්වූ දරුවාගේ මව ‘දිවයින’ට කියයි

කළුතර නාගොඩ රෝහලෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර එවා සිටි රෝගී දරුවකු ඊයේ (31 දා) මියගොස් තිබේ. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සිටි අදීශ හංසන නමැති දස හැවිරිදි දරුවකු මෙසේ මරණයට පත්ව තිබේ.

දර්ගා නගරයේ ශ්‍රී ඥානෝදය විiාලයේ ප්‍රාථමික අංශයේ මෙම දරුවා ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඉකුත් සිකුරාදා (28 දා) පාසල් ගොස් පැමිණි පසු උදරයේ වේදනාවක් හට ගැනීම නිසා දර්ගා නගරයේ රෝහලට ඇතුළත් කර තිබේ. රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා පසුව ඔහු කළුතර ශික්‍ෂණ රෝහලට යවා තිබෙන අතර පසුව කොළඹ ළමා රෝහලට ඇතුළත් කර තිබේ. දරුවාගේ මව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන්නියකි.

දරුවාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.

නාගොඩ රෝහලින් කිව්වා දරුවාගේ උණ්ඩුක පුච්චය ඉදිමීමක් නිසා එය අයින් කළ යුතු බව. මගෙන් අත්සනකුත් අරගෙන පුතාට සුදු අන්දවා ස්කෑන් එකට අරන් ගියා. ඊට පස්සේ රිපෝට් එක බලලා ප්‍රශ්නයක් නැහැ වාට්ටුවට ගෙන යන්න කීවා. මුලින්ම එය 31 වාට්ටුවට දැම්මා. ඒක වැඩිහිටි අය ඉන්න එකක්.

ඊට පස්සේ දරුවාට අසාධ්‍ය වුණා. ඔක්සිජන් දුන්නා. පස්සේ 11 වාට්ටුවට (ළමා වාට්ටුවට දැම්මා) ඊට පස්සේ වෛiවරිය බලලා රිජ්වේ යවන්න වෙනවා කියලා රිජ්වේ යැව්වා. නාගොඩ රෝහලේ ළමා වාට්ටුවට දාලා නිසි ප්‍රතිකාර දුන්නා නම් මගේ දරුවා අදටත් ජීවත් වෙනවා. ඇයි එයා 31 වාට්ටුවට දැම්මේ…? යැයි අදීෂ පුතුගේ මව වන ඒ. ඩී. චමිලා ප්‍රියදර්ශනි ප්‍රශ්න කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment