රට හරහා දිවීම තවත් වසරකින් කල් යයි

180

ලබන වසරේ පෙබරවාරි මස ඔස්ටේ‍්‍රලියාවේ නිවු සවුත් වේල්ස් බැකර්ස්ට්හි පැවැත්වීමට නියමිතව තිබූ ‘ලෝක රට හරහා දිවීමේ ශූරතාවය’ 2023 වසරේ පෙබරවාරි මස 18 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර ඇත.

 ලෝක මලල කී‍්‍රඩා සංගමය සහ තරගාවලි සංවිධායක කමිටුව මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවට ඇතුළත් වන පිරිස් දින 14ක අනිවාර්ය නිරෝධායනයට ලක් කිරීම හේතුවෙනි.

 2021 වසරේ ද කොවිඞ් තත්ත්වය හේතුවෙන් තරගාවලිය කල්දැමුණු අතර තරගාවලිය සඳහා රටවල් 60කට ආසන්න සංඛ්‍යාවකින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 500ක් පමණ සහභාගිවීමට නියමිතය. අවසන් වරට තරගාවලිය පැවැත්වුණේ 2019 වසරේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment