නාවික ක්‍රීඩිකාවෝ පිට පිටම දෙවැනි වරටත් ශූරියෝ වෙති

163

* අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් පන්දුවාර 50 පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය

 අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් පන්දුවාර 50 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම පෙරේදා (19 දා) සමත්විය. ඔවුන් මෙවර ශූරතාව දිනාගනු ලැබුවේ පිට පිටම දෙවැනි වතාවට වීම විශේෂත්වයකි.

 විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා එක් පිලකට පන්දුවාර 22 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී යුද හමුදා‘බී ’ කණ්ඩායම ලබා දුන් ලකුණු 41 ක ඉලක්කයක කිසිදු කඩුල්ලක් ලබා නොදී නාවික හමුදා ක්‍රීඩිකාවෝ රැස් කරගනු ලැබුවේ ශූරතාව දිනා ගැනීම සඳහා වන ප්‍රසාද ලකුණද සමඟිනි.

 ශූරතාව දිනා ගන්නේ කවුරුන්ද යන්න අද වන තෙක්ම තුන්කොන් සටනක් බවට පත්ව තිබුණු මෙවර තරගාවලියේදී සීනිගම කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජය ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් වුවත් ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ඔවුන්ට නොහැකිවීම නිසා ශූරතා දිනා ගැනීමේ බලාපොරොත්තු ඔවුන් අතින් ගිලිහිණ. මෙම තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 22 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 39 ක් ලබා ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් වුවද ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව නාවික හමුදා පිලට හිමිවූ ලකුණු 41 ක ඉලක්කය පන්දුවාර 10 කදී ලබා ගැනීමට සමත්විය. ඒ වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 22 ක් සහ ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 19 ක් රැස් කරගත්හ. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 04 කට කඩුලු 3 ක් දවා ගනිද්දී උමේෂා තිමේෂානි ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment