නතාෂා නිහැඬියාව බිඳියි – ඒක මගේ අතින් වුණ ලොකු වරදක්

280

නතාශා මියුසික් වීඩියෝ එක කරන්න මං එනතුරු බලාගෙන හිටියා
මගේ ටැටූ එක ඇතුළෙ ලොකු කතාවක් තියෙනවා

සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට… මේ ගීතය අහපු නැති කෙනෙක් නැති තරම්. එදා එඩ්වර්ඩ් ජයකොඩි සමග මේ ගීතය ගායනා කළ ඇය නතාෂා පෙරේරා. ගායිකාවක්” රංගන ශිල්පිණියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කළ නතාශා පසුගිය කාලයේ හිටියෙ විදෙස්ගතව. ඔය අතර ලංකාවට ආපු ඇය ජාත්‍යන්තර වැඩකට සම්බන්ධ වෙලා. ඒක ඇයගේ ජීවිතයට සුවිශේෂී අවස්ථාවක්. කොහොමද එහෙම වෙන්නෙ. අපි නතාෂාගෙන්ම අහමු.

නතාෂා නිහැඬියාව බිඳියි - ඒක මගේ අතින් වුණ ලොකු වරදක්

● දිගු නිහැඬියාවකට පසුව නතාෂා නිවේදිකාවගේ භූමිකාවට පණ පොවනවා?

ඇත්තටම ඔව්” ගොඩක් කාලයත් තිස්සේ මම මේ ක්‍ෂේත්‍රයේ ගායිකාවක්” රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කළා. මම හිතනව මේ අවස්ථාවත් මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් වෙයි කියලා. ඒ වැඩකටයුතුත් එක්ක මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නෙ.

● කොහොමද මේ වැඩසටහන ඔබේ ජීවිතයට හැරවුම් ලක්‍ෂයක් වෙන්නේ?

‘සුළඟක් වී මං යනවා. ගීතය ගායනා කරනකොට මං ඉතාම කුඩා වයසෙ හිටියේ. මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂයක් වෙයි කියන මේ රියැලිටි වැඩසටහනට එන්නෙ මං එදා ඒ ගීතය ගායනා කළ වයසෙ ඉන්න පුංචි දරුවො. එයින් අවුරුදු විස්සකට පස්සෙ අද මෙවැනි දරුවො ඉන්න වැඩසටහනක නිවේදිකාවක් වෙන්න ලැබෙනව කියන්නෙ මගේ ජීවිතයට ලැබුණ ලොකු භාග්‍යයක් කියලයි මම හිතන්නෙ.

● ආරාධනය ලැබෙන්නෙ කොහොමද?

සිරස ආයතනයේ සුසාර දිනාල් මහත්මයා තමයි මට මේ ආරාධනය කරන්නෙ. ඒ වන විටත් මම විදේශගත වෙලා හිටියෙ. ඒක ලොකු වගකීමක් වගේම දෛවෝපගත සිද්ධියක් කියලයි මම හිතන්නෙ.

නතාෂා නිහැඬියාව බිඳියි - ඒක මගේ අතින් වුණ ලොකු වරදක්

● මේ අවස්ථාව මොන වගේ අත්දැකීමක්ද?

විශේෂයෙන්ම කියන්න ඕන” මේ වැඩසටහනේ ස්වභාවය හැටියට කෝචර්ස්ල හතර දෙනෙක් ඉන්නව. මේ දරුවො ගීත ගායනා කරල තමන්ගේ හැකියාව පෙන්නුවාට පස්සෙ තමාව තෝරා ගන්නා ඒ ඒ කෝචර්ස්ල ළඟට තමයි යන්නෙ. නමුත් මට දැනෙන්නෙ මේ හැම දරුවෙක්ම මගේ කියල. ඒක කොච්චර ළඟද කිව්වොත් ඒ අය ආසා දේවල්” කන්න කැමති දේවල්” කරන්න කැමති දේවල් වගේ ගොඩක් දේවල් මම දන්නව. ඒ වගේම බ්ලයින්ඩ් ඔඩිෂන් වටවලදි කෝචර්ස්ල බසර් එක ගහල තෝරාගන්න තුරු මං ඉන්නෙ දරුවන්ගේ පවුලේ අයත් එක්ක ෆැමිලි රූම් එකේ. එතනදි මට වැඩසටහන මෙහෙයවනවට වඩා ලොකු සම්බන්ධයක් ගොඩනැඟෙනව දරුවා සහ දරුවාගේ පවුලේ අයත් එක්ක. ඇත්තටම මේක ජීවිතයට ලැබෙන විරල වගේම සුවිශේෂී අවස්ථාවක් කියල කියන්න පුළුවන්.

● වොයිස් කිඩ්ස් වැඩසටහනේදී මොන වගේ වෙනස්කම් ද සිදු වෙන්නේ?

වොයිස් ශ්‍රී ලංකා වැඩසටහනේදී සුමිරාන්” වොයිස් ටීන් ස්ටෙෆනි යන අය ඉතාමත් ලස්සනට වැඩසටහන කරගෙන ගියා. මේ වොයිස් කිඩ්ස්. අපිට වැඩකරන්න වෙන්නෙ පුංචි දරුවො එක්ක. මෙතනදී ලොකු වෙනස්කම් කිහිපයක්ම සිදු වෙනව. අපි බලමු වැඩසටහනත් එක්ක කොහොමද මේ වෙනස්කම් සිදු වෙන්නෙ කියල.

● ලංකාවට ආවෙ මේ වෙනුවෙන්මද?

නැහැ. මම ලංකාවට එන්න අදහස් කරගෙන හිටිය කාලෙම තමයි මේ ආරාධනයත් ලැබෙන්නෙ. ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන ගියාට පස්සෙ අවුරුදු හයක් පමණ රටවල් දෙක අතර ආවා ගියා. මේ නිසා නිර්මාණකරණයත් මඟහැරුණා.

● දැන් දිගටම ලංකාවේ ඉන්නවද?

මම දැන් වගකීමක් භාරගෙනනෙ තියෙන්නෙ. මේ කටයුතු අවසන් වුණාම නැවතත් විදේශගත වෙයි.

● රූනි නතාෂාට සිංදුවක් ලියල?

ඔව්” අපි මේ ළඟදී ඒ ගීතය නිර්මාණය කළා. සංදේශ් බණ්ඩාර වීඩියෝව නිර්මාණය කළා. සංගීතය කළේ මහේෂ් විතාන. රූනි ගීතය ගායනා කරනව. දැන් නතාෂා වෙනුවෙනුත් ගීතයක් තියෙනව.

● කොහොමද මේ වැඩේ සිද්ධ වුණේ?

ඇත්තටම මේ ගීතය කළාට පස්සෙ තමයි මට කතාකරල කිව්වෙ අපි නතාෂා කියල ගීතයක් කළා ඒකට ඔයාවම ඕනා කියල. ඒ වෙනකොට මං ඔස්ටේ්‍රලියාවේ හිටියෙ. මියුසික් වීඩියෝ එක කරන්න මං එනකං එයාල බලාගෙන හිටියා. ලංකාවට ආ ගමන් ඒ කටයුතු ටික කළා.

● රඟපෑමට ආරාධනා ලැබුණද?

ඇත්තටම එක නිර්මාණයක තිර පිටපත පවා මට එවල තිබුණා. ඇත්තටම මාව එහෙම සම්බන්ධ කරගන්න උත්සාහ කළ එක ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ නොසිටිය නිසා තමයි ලැබෙන ආරාධනා පිළිගන්න බැරි වුණේ. කාලයක් ලංකාවේ ඉන්න නිසා ලස්සන නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නව.

● සැමියාත් ඔබ සමග ආවා?

ඔව්” අපි දෙන්නම ආවා. නමුත් ඔහුට වඩා කාලයක් මට ලංකාවේ ඉන්න වෙනවා.

● අලුත් ගීතයක් නොකළේ ඇයි?

ඇත්තටම මඟදි මුණගැහෙන අයත් අහනව ඇයි ආයෙත් ගීතයක් නොකළේ කියලා. ඒක මගේ අතින් වුණ ලොකු වරදක්. මං කම්මැලි වුණා අලුතෙන් දෙයක් කරන්න. ඒත් මේ වතාවෙ එහෙම වෙන්නෙ නැහැ. මගේ රසික රසිකාවියන්ට අලුත් ගීත කිහිපයක්ම තිළිණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.

● ටැටූ” ඔබ කැමති කලාවක්?

ටැටූ එකක් කරන්න මං ගොඩක් ආසාවෙන් හිටියා වගේම වෙනසක් කරන්නත් ආසාවක් තිබුණා. ඒ නිසා පළවෙනි ටැටූ එක හැමෝම පොඩියට ගහද්දි මම මගේ පළමු වැනි ටැටූ එක ලොකුවටම කෙටුවා. ඒක ලෙහෙසි දෙයක් නෙමෙයි. ලොකු වේදනාවක්. මේක හරි දෙයක්ද” වැරදි දෙයක්ද” දවසක පසුතැවෙන්න වේවිද වගේ ප්‍රශ්න ගොඩක අතරමං වුණා. අවසානයේ මේ තීරණය ගත්තෙ කොහොමද කියල මම මං ගැනම පුදුම වුණා.

● මේ ටැටූ එක විශේෂයි?

ඔව්” මම අනිත්‍ය ගැන විශ්වාස කරනවා. මේ ටැටූ එකේ තියෙන්නේ ලස්සන නෙළුම් මලක් ක්‍රමයෙන් පරවෙලා යන ආකාරය. ලෝකයේ කිසිම දෙයක් සදාකාලික නැහැ කියන දේ තමයි මගේ ටැටූ එකෙන් කියවෙන්නෙ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment