ලෝක ළමා දිනයදා දරුවන්ට ඔන්ලයින් ලයිව් ඩාන්සින් ප‍්‍රසංගයක්

635

අද අපේ රට විතරක් නෙමෙයි මුළු ෙලා්කයම වසංගතයෙන් වෙලාගෙන සිටින මොහොතක්. ඇත්තටම මේ වසංගතය හින්දා වැඩිපුරම බැටකන්නේ පුංචි දරුවන්. මොකද ඔවුන්ට තවම නිවසින් එළියට යන්න බැරිවෙලා තියෙනවා. අවුරුදු එකහමාරක් විතර කාලයක් මේ පුංචි දරුවෝ ගෙවල්වලටම හිරවෙලා. එළැඹෙන 01 වැනිදා ලෝක ළමා දිනය එදාටත් පුංචි දරුවෝ නිරෝධායන ඇඳිරිනීතියට කොටුවෙලා ගෙවල්වල හිරවෙලා ඉන්න තියෙනවා.

 ඉතිං මේ ලෝක ළමා දිනය දවසේ නයනි වීමනගේ මෙහෙයවන ගයාන් ඩාන්සින් ස්ටූඩියෝ හරහා ඔන්ලයින් ලයිව් ඩාන්සින් ප‍්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා.

 ඇත්තටම මේ වගේ කාලවකවානුවක මේ වගේ වැඩක් පුංචි දරුවෝ එක්ක අන්තර්ජාලය හරහා සිදුකරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඉතිං ඒ ගැන ගයනි අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

 * මේ ප‍්‍රසංගය පවත්වන්නේ කවදාද?

 ප‍්‍රසංගය පවත්වන්නේ ඔක්තෝබර් 01 වැනිදා සහ 02 වැනිදා. එතකොට මේ වැඬේ ලංකාවේ පළමු වතාවට තමයි සිද්ධ කරන්නේ. ඔන්ලයින් ඩාන්සින් කොන්සර්ට් එකක් සජීවීව සිදුකරන එක තවත් සුවිශේෂයි. අවුරුදු පහේ සිට 13 දක්වා වයස් කාණ්ඩයේ දරුවන්ට තමයි මේ ප‍්‍රසංගය පවත්වන්නේ. සවස 4.30 සිට සවස 6.00 දක්වා තමයි ප‍්‍රසංගය පවත්වන්නේ.

 * ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ?

 පුංචි දරුවෝ මේ වැඬේට හරි කැමතියි. අනික පුංචි දරුවන්ට පොඩි බලාපොරොත්තුවක් දෙන්න ඕනෑ කියලත් මට හිතුණා. මේ දරුවෝ කිසිම බලාපොරොත්තුවක් නැතිව අවුරුදු දෙකහමාරක් විතර ගෙවල්වල හිරවෙලා ඉන්නේ. ඉතිං මම හිතුවා මේ දරුවන්ට ප‍්‍රසංගයක් කරන්න ඕනෑ කියලා. ඒක මට පටිගත කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. මේ පුංචි දරුවන්ට පේ‍්‍රක්‍ෂකාගාරයක් හදන්නයි වුවමනාව තිබුණේ. මම ගෙදර හිටියත් කට්ටිය මා දිහා බලාගෙන ඉන්නවා කියන හැඟීම තමයි මට දෙන්න ඕනෑ.



 * ඇයි මේ ප‍්‍රසංගය දවස් දෙකක් තියන්න සූදානම් කළේ?

 වයස අවුරුදු පහේ සිට දහතුන දක්වා දරුවන් ඔවුන් ඉදිරිපත් කරන නර්තන කාණ්ඩ අනුව කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. දැන් මෙහි විශේෂත්වය අපි මේ ප‍්‍රසංගය හීට්ස් ඇප් එක හරහා කරන ගමන් මම මේක යූටියුබ් එකේ සජීවීව විකාශනය සිදුකරනවා.

 * ගයනි ඩාන්ස් ස්ටුඩියෝහි වැඩකටයුතු ගැන කතා කළොත්?

 මේ දවස්වල ඉවෙන්ට්ස් එහෙම නැහැ. නැත්නම් මගේ මේන් ගෲප් එකක් තියෙනවා ලොකු අයගේ. මම මේ දවස්වල මගේ කාලය වැඩිපුර යොදවලා තියෙන්නේ ගෙවල්වලට සිරවෙලා ඉන්න පුංචි බබලාගේ දැනුම වර්ධනය කරන්න. ඒ නිසාම තමයි සංයමය, නර්තනය සහ පරිණත කෘත්‍යනය යන තේමාව යටතේ පාතිහාරී 2021 ඔන්ලයින් කොන්සර්ට් එක ආරම්භ කරන්නේ.


 දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment