ජල නළ එළීමට කැපූ වළට යතුරුපැදිය වැටී පාසල් සිසුවියක් රෝහලේ

257

ගොතටුව අයි ඩී එච් මංසන්ධිය අසල ජල සම්පාදන මණ්ඩලය සිදු කරන ජල නළ එළීමක් සඳහා කපා තිබූ වළකට ඊයේ (19 දා) යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පාසල් සිසුවියක සහ ඇයගේ පියා ඇදවැටීමෙන් තුවාල ලැබූ සිසුවිය රෝහල්ගත කර ඇත.

අඩි 16 ක් පමණ වූ ගැඹුරු වළකට ඔවුන් වැටී ඇති අතර පියා විසින් සිය දියණිය ගොඩට ගෙනැවිත් තිබේ.

ජල නළයක් පුපුරා යෑමෙන් මෙම වළ සෑදී තිබු බවත් වළට වැටුණු යතුරුපැදියේ කොටසක් අල්ලා ගැනීමට හැකි වූ නිසා එහි සිටි පුද්ගලයන් ඇද ගොඩට ගැනීමට හැකිවූ බවත් ප්‍රදේශවාසීහු පවසති.

ජල නළය පුපුරා යෑම නිසා ඊයේ එම ප්‍රදේශයේ ජල සැපයුම ද අත්හිටුවා තිබිණි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment