මව නැති අතරේ නවාතැනට රිංගා 16 හැවිරිදි තරුණියට අතවර කරලා

729

තරුණිය රෝහලේ : සැකකරු පොලිසියේ

දහසය හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදුකළ බව කියන විසිහය හැවිරිදි විවාහක තරුණයෙකු බියගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මේ තරුණිය සිය මව සමග බියගම පේරගස්හන්දිය ප්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක තාවකාලිකව නවාතැන්ගෙන සිටියදී මේ විවාහක තරුණයා විසින් ඇය සමග පෙම් සබඳතාවක් මාසයක පමණ කාලයක් පවත්වාගෙන ගොස් පසුව එය නවතා දමා තිබෙන බවද කියති.

පසුව මේ විවාහකයා නේවාසිකාගාරයේ තරුණිය පමණක් සිටි අවස්ථාවක් බලා පැමිණ ඇයට මේ අපරාධය සිදුකර තිබේ.

මේ දෙදෙනාම හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

තරුණිය රාගම මහ රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙන අතර සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.

සිද්ධිය පිළිබඳව බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා එම්.ඒ.එන්. ප්‍රබෝදනී මහත්මිය විසින් විමර්ශනයක් සිදු කොට සැකකරු අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment