අති නවීන පිස්තෝලයක් සමග බෙලිගල්ල පුද්ගලයෙක් එස්ටීඑෆ් දැලේ

84

පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත ඕකවෙල පොලිස් වසමේ නුගේවෙල, ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයට භාවිතා කරන මැගසින් 03 ක් හා මී.මී. 09 වර්ගයේ උණ්ඩ 37 ක් ද පොලිස් භාරයට ගැනිණි.

අත්අඩංගුවට ගත් සැකකරු යම් අපරාධයක් සඳහා සැරසුණු පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සැක කරයි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඕකවෙල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බළකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධීක්ෂණයෙන් තංගල්ල කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.සී.එල්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකළහ.
වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment