දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඥාතීන්ට භාරදෙයි

172

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේශය පෙරේදා (04දා) පෙරවරුවේ දි ඔහුගේ ඥාතීන් වෙත භාරදීම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරනු ලැබීය. දෙවැනි වරටද මිහිදන් කිරීම සඳහා මොහුගේ දේහය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ සිට ඔහුගේ ඥාතීන් විසින් රැගෙන යනු ලැබීය.

මාස 05ක අධික කාලයක් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේශය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබුණි. මෙකී කෝටිපති ව්‍යාපාරිකයාගේ මෘත දේශය මැයි මස 25 වැනිදින පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබීය.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල, හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්, අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment