මුහුදට පැන්න කත ජනපති ආරක්ෂකයෝ බේරා පනිති

87

කොළඹ කොටුව ගාලුමුවදොර මුහුදට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ කාන්තාවක බේරාගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීහු පෙරේදා (01 වැනිදා) සමත් වූහ.

එලෙස බේරාගත් කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ නිලධාරීන් උදෑසන ගාලු මුවදොර පිටියේ ශාරීරික අභ්‍යාසවල නිරතව සිට ඇත. ඒ අවස්ථාවේ ගාලු මුවදොර පිටියේ කොඩි කනුව අසලින් එක්වරම කාන්තාවක් මුහුදට පැන තිබේ.

එහිදී ක්‍රියාත්මක වූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් පරීක්‍ෂක අධිකාරි මහතා ඇතුළු කණ්ඩායමක් එම කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment