රජය ටෙන්ඩර්වලින්  තොරව තෙල් ගන්න යයි – චීන – ඉන්දීය සහන ප්‍රමාදයි

265

ඉදිරි සති කිහිපය සඳහා මෙරටට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් මිලට ගැනීම සඳහා ටෙන්ඩර් ක්‍රියාමාර්ගවලින් තොරව කටයුතු කිරීම සලකා බැලීමට රජය තීරණය කර ඇත.

 ඩීසල් සහ පෙට්‍රල් මිලට ගැනීම සඳහා චීනයෙන් සහ ඉන්දියාවෙන් ණය සහන ලැබීමට නියමිත නමුදු ඒවා තවමත් ලැබී නැත. මෙවැනි තත්ත්වයක් යටතේ තෙල් අර්බුදය පුළුල් වෙමින් පවතී. එබැවින් ටෙන්ඩර් ක්‍රියාමාර්ගවලින් තොරව විදේශික සැපයුම්කරුවන් 6 දෙනකුගෙන් තෙල් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වී ඇති යෝජනා පත්‍ර සලකා බැලීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ගැනීමට ද රජය තීරණය කර ඇත.

 රජය මෙම තෙල් ලබා ගන්නේ මාස 6 ක ණය පදනමක් යටතේය. මේ මාසය නිම වීමට පෙර තවත් තෙල් නැව් තුනක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එයින් දෙකක පෙට්‍රල් ද එකක ඩීසල් ද තිබේ. එක පෙට්‍රල් නැවක් ඊයේ පැමිණීමට නියමිත වූ අතර සෙසු නැව් දෙක ලබන සිකුරාදා මෙහි පැමිණෙනු ඇත. ඊට අමතරව බොරතෙල් අඩංගු නැව් දෙකක් ජූනි 29 දා මෙරටට පැමිණීමට නියමිතය.

 තෙල් සඳහා යන වියදමෙන් කොටසක් ගෙවීම සඳහා පෞද්ගලික බැංකු කිහිපයක් සමග රජය සාකච්ඡා පවත්වා ඇත. ඉතිරි කොටස ගෙවනු ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවය.

advertistmentadvertistment
advertistmentadvertistment