පහේ ශිෂ්‍යත්වයට සුබ නැකත්

161

දෙමාපියනුත් සිසු දරු දැරියනුත් මහත් බලාපොරොත්තුවෙන් මුහුණදෙන පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය අද (15) ඉරිදා පැවැත්වීමට නියමිතය. විභාගය උදේ නමයයි තිහට ආරම්භ වේ. ජ්‍යොතිෂය අනුව විභාගයට අත්වැලක් සැපයීම මේ ලිපියේ අරමුණයි.

මාස ගණනක් තිස්සේ පාසලින් ද උපකාරක පංති වලින්ද ඉගෙනුම ලබා විභාගයට සූදානම්ව සිටින සිසුන්ගේ මානසික තත්ත්වය ඉතා හොඳින් පවත්වා ගැනීමට කටයුතු කිරීම මාපියන්ගේ වගකීමකි. විශේෂයෙන් නිවසේ සමගිය හා සතුට පවත්වා ගැනීම ඊට අවශ්‍ය වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම හා අනතුරුදායක ගමන් බිමන්වලින් වැලකීමද මැනවි.

විභාගයට පෙර ආගමික වතාවත්වල යෙදීම මගින් මානසික තත්ත්වය යහපත් වේ. තම නිවසේම තමා අදහන ආගම අනුව වතාවත් කරන්න. බුද්ධ වන්දනාව සිදුකර දෙවියන්ට පින්දී සෙත්පතා ගැනීම ඉතා සුදුසුය. මෙසේ වන්දනා කර පහත සඳහන් ගාථාව නම වරක් කියන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ කැටිකළ මේ ගාථාව මහානුභාව සම්පන්නය. විභාගයට පමණක් නොව දිනපතා කීමට සුදුසුය. සිසු දරුවන්ට පමණක් නොව සියලු දෙනාටම සිතූ පැතූ දේ ලැබීමට සහ බාධා ඉවත්වීමට බලපානු ඇත. ගාථාව පහත පරිදිය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
වම්මා තරද්ධ ගසමෝ අම්බුහතෝ නතෝ සස්ස හස්ස
සතෝ නම්බු භගනම්මා අස්සද්ධතෝ වමෝ සරහස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

මීළඟට වැදගත් කරුණ වන්නේ විභාගයට පිටත්වීමට සුබ වේලාවක් තෝරා ගැනීමයි. විභාගයට පැය භාගයක්වත් පෙර ශාලාවට ඇතුල්වීම සුදුසුය. මේ නිසා තම නිවසේ සිට පිටත්වීමට සුබ වේලාවක් යොදාගත යුතුවේ. තම වාහනයම භාවිතා කරන්නේ නම් අධික වේගයෙන් නොව සාමාන්‍ය වේගයකින් යෑමට වේලාව තෝරාගැනීම උචිත වේ.

පහත පළවන්නේ විභාගයට පිටත්වීමට සුබ වේලාවන් කිහිපයකි. මෙයින් ඔබට ඉතා හොඳින් ගැළපෙන වේලාව තෝරා ගන්න. පිටත්වීමට පෙරද දරුවා ලවා බුදුපහන දල්වා සෙත්පතා ගැනීම මැනවි. නැකත් පහත පරිදිය.

2023 ඔක්තෝබර් 15 ඉරිදා

උදේ 7.41ට දකුණ බලා

7.53ට දකුණ බලා

8.45ට දකුණ බලා

8.37ට දකුණ බලා

මෙදින උදෑසන ගතහැකි උපරිම ලෙස ගණනය කර සාදා ඇති මෙම නැකත් කාලහෝරා, දිව්‍යමය මුහුර්ථි, ආදි කිහිප ක්‍රමයකටම ගැළපෙන ලෙස සාදා ඇත.

දකුණු පය පෙරට තබා පිටත් වෙන්න.

ආහාරයට කිරිබත් සුදුසුය.

ශිෂ්‍යත්වය විභාගය විශිෂ්ට ලෙස සමත්වීම සඳහා දරුවාට ශක්තිය ධෛර්යය ලැබීමට තුණුරුවන්ගේ අනන්ත වූ ගුණ බලය හා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි අපි පතමු.

පහේ ශිෂ්‍යත්වයට සුබ නැකත්

ජ්‍යොතිර්වේදී සුනිල් කුමාර ගම්ලත්
කෙළින්වීදිය, කෑගල්ල,
දු. අංකය 0771234313, 0352232084

advertistmentadvertistment
advertistmentadvertistment