ඇමැති ප්‍රසන්න රාජ්‍ය ඇමැතිවරුන්ට සලකන හැටි

322

තම අමාත්‍යංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ අනෙකුත් නිළධාරීන් සමඟ එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කිරීමට තමන් සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය.එක පවුලක් ලෙස වැඩකරන විට කේලම් කියා එකිනෙකා කෙටවීමට කිසිවකුට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු සඳහන් කළේය.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන් සමඟ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.එම අමාත්‍යංශය යටතේ ඇති ආයතන 21 හිම ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ. අලුතින් පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන්ට ආයතන ප්‍රධානීන් හඳුන්වාදීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ.

advertistmentadvertistment
advertistmentadvertistment