රනිල් ජනපති කරන්න ඡන්දය දුන්නේ ඇමැතිකම් ගන්න නොවේ: දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන්

177

විග්නේෂ්වරන් කියයි

උතුරේ දෙමළ ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීම සඳහාත් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන් වැඩිදියුණු කර ගැනීම පිණිසත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් සහන ඉල්ලා සිටිනවා මිස තමන් කිසි විටකත් අමාත්‍ය ධුරයක් දැරීමට සූදානම් නැතැයි දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා 25 දා පැවසීය.

වර්තමාන දේශපාලන තත්ත්වය විග්‍රහ කරමින් මාධ්‍යවේදීන්ට අදහස් පළකළ මන්ත්‍රීවරයා තමන් පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීම සඳහා ඡන්දය ප්‍රකාශ කළේ තනතුරු අපේක්ෂාවෙන් නොව දෙමළ ජනයාගේ යහපත උදෙසා පමණක් බවද කියා සිටියේය.

දෙමළ මන්ත්‍රීවරයකු රජයේ අමාත්‍ය ධුරයක් භාරගැනීමෙන් සිදුවන්නේ ඔවුන් කියන සෑම දෙයකටම එකඟ වී දෙමළ ජනයාගේ ප්‍රශ්න අමතක කිරීමට බව කී ඔහු ඊට වඩා වැදගත් වන්නේ දෙමළ ජනතාවට ලැබිය යුතු යමක් ලබා ගැනීමට උත්සාහ කිරීම බවද පැවසීය.

සුළුතරය හා මහ ජනතාව ලෙස ජනතාව ගොඩවල් දෙකකට ගැසීම තුළින් කිසි දින දෙමළ ජනයාගේ ප්‍රශ්න නොවිසඳෙන බවත්, ඔවුන් දිනෙන් දිනම ඉතා නරක තත්ත්වයකට ඇද වැටීමක් පමණක් සිදුවන බවත් විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment