උතුරට ඩොලර් හිඟයක් නෑ !… ඩයස්පෝරාව අරමුදල් පොම්ප කරයි

572

දකුණේ ඩොලර් හිඟය උතුරු නැගෙනහිර ජනතාවට බලනොපෑවේ මන්ද?

පසුගිය දිනක නෝර්වේහි ඔසලෝ සිට ද්‍රවිඩ පවුලක් උතුරට පැමිණියහ. ඔවුන් පැවසුවේ උතුරේ සියලු හෝටල් විදෙස් ගත ද්‍රවිඩ ජනතාවගෙන් පිරී පැවැති බවයි. උතුරේ ජනතාවට ඩොලර් හිඟය බලනොපෑවේ ඩයස් පෝරාවේ මුදල් විශාල ලෙස උතුරට පැමිණීමයි. ස්විස්, ජර්මන්, ප්‍රංශය, කැනඩා නෝර්වේ අතුළු රටවල් රැසක ඩයස්පෝරා ක්‍රියාකාරීහු උතුරට පැමිණිහ. එසේම උතුරේ බැංකුවලට ඩයස්පෝරා ගිණුම් බැරවී තිබේ. උතුරට මුදල් එවන ප්‍රධාන රටවල් දෙක ස්විස්ටර්ලන්තය සහ ප්‍රංශයයි. ස්විස් ප්‍රෑන්ක් එකක් අද රුපියල් 381 කි. ප්‍රංශය යුරෝ මුදල් ව්‍යවහාරය භාවිත කරයි.

දකුණේ ජනතාවගේ යෝගට් කප් එකක් රුපියල් 35 සිට 70 දක්වා වැඩි වුවත් උතුරේ අයිස්ක්‍රීම්වල මිල අධික ලෙස ඉහළ ගියේ නැත. උතුරට මුදල් එවන්නේ උතුරේ සිටින ද්‍රවිඩයන් විසින් හොර මාර්ගවලිනි. ප්‍රංශයට සහ ස්විස්ටර්ලන්තයට ගෙන්වා ගැනීමටය. එසේම මාරානම් කඳවුරේ සිටි ද්‍රවිඩයන් විශාල පිරිසක් අද ප්‍රංශයේ ජීවත්වේ. ඔවුන්ට ප්‍රංශ රජය පහසුකම් සපයනු ලබයි. ස්විට්සර්ලන්තයේ තත්ත්වයද ඊට සමානය. මේ හැර අතුරුදන්වූ බව කියන ද්‍රවිඩ තරුණ තරුණියන් විශාල පිරිසක් ප්‍රංශයේ සහ ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටී. මොවුන් තම මව්පියන්ට මුදල් එවන බව හෙළිවී ඇත. ස්විස්ටර්ලන්තයේ ජිනීවා ලෝසෝන් බර්න්, සූරිච්, සැන්ට් ගාලන් ඇතුළු නගරවල සිටින ද්‍රවිඩ පවුල් උතුරේ තම ඥාතීන්ට අරමුදල් එවයි. උතුරේ ජනතාව දකුණේ ජනතාව මෙන් බඩු මිල වැඩි බව දක්වමින් විරෝධතා දැක්වූයේ නැත. එසේම ඩයස්පෝරා ක්‍රියාකාරීහු උතුරේ පවුල් සමග විවාහ වේ. ඉන්පසු විවාහ වූ කාන්තාව හෝ පුරුෂයා ප්‍රංශයට ගෙන්වා ගනී. ඊට හොඳම නිදසුන කොටි ගුවන් ඒකකයේ නායක ගුශාන්තන්ගේ පවුලේ අය පදිංචිව සිටින්නේ ප්‍රංශයේයි. ගුශාන්තන්ගේ වැඩිමහල් සොහොයුරා ප්‍රංශයේ සිංහල කාන්තාවක් සමග විවාහ වී සිටි අතර ද්‍රවිඩ කාන්තාවක් සමග විවාහ වීම සඳහා සිංහල කාන්තාව දික්කසාද කළේය.

පැරිස් නුවර ආරංචි මාර්ග පැවසුවේ මසකට යූරෝ ලක්‍ෂ 3 කට වඩා උතුරට පැමිණෙන බවයි. එසේ ස්විස් ප්‍රෑන්ක් ලක්‍ෂ 24 කට වඩා උතුරට ලැබේ. උතුරේ ද්‍රවිඩ පක්‍ෂවලටද යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයටද අරමුදල් ලැබේ. මේ නිසා ඔවුන්ට ඩොලර් හිඟයක් නොමැත. කැනඩාවේ ද්‍රවිඩ ඩයස්පෝරාවද උතුරට විශාල ලෙස අරමුදල් සපයයි.

කැනඩා ද්‍රවිඩයන් සතු අවන්හල් සංඛ්‍යාව 100 කට අධිකය. ව්‍යාපාරික ස්ථාන 1600 ක ද්‍රවිඩ පුවත්පත් 7 ක් මුද්‍රණය වේ. මේ තත්ත්වය මත උතුරේ ජනතාවට ඩොලර්, යූරෝ, ප්‍රෑන්ක් හිඟයක් නොමැත. රාජ්‍ය විරෝධි ක්‍රියා සඳහා නොකඩවා අරමුදල්ද සැපයේ. උතුරේ අතුරුදන් වූවන්ගේ සංවිධානය අරමුදල් උල්පතකි.

උතුරට ඩොලර් හිඟයක් නෑ !… ඩයස්පෝරාව අරමුදල් පොම්ප කරයි

එහි නායිකාව වූ ලීලාමනී සෑමවිටක විදේශ සංචාරවලට සහභාගි වේ. ශ්‍රී ලංකා හමුදාව විසින් අතුරුදන් කළ බව කියන 4000 කට අධික පිරිසක් ස්විස්ටර්ලන්තයේ සිටිති. ප්‍රංශයේද ඊට සමාන පිරිසක් වේ. මොවුන්ට මසකට ලැබෙන පිං පඩිය යූරෝ 350 ක් 500 ත් අතර වේ. ඉන් කොටසක් උතුරේ සිටින මව්පියන්ට ලැබේ. මේ නිසා ජීවන බර ඔවුන්ට දැනෙන්නේ නැත. මෙයට කලකට පෙර උතුරේ සිසුන්ට යතුරුපැදි ලැබුණි. සිසුවියන්ට පාපැදි හා ස්කූටර් ලැබුණි. මේ සඳහා වැය වූයේ ඩයස්පෝරා මුදල්ය. එසේම විරෝධතා සඳහා ටී ෂර්ට් මුද්‍රණය කෙරෙන්නේ ප්‍රංශයෙයි. මේ ටී ෂර්ට් කෙසේ හෝ උතුරට ලැබේ. මෙතෙක් මේ තොරතුරු වසන්වී තිබුණි. මේ හැර ප්‍රංශයට හා ස්විස්ටර්ලන්තයට ඒමට ගුවන් බලපත්‍ර පවා සැපයෙන්නේ ඩයස්පෝරා ක්‍රියාකාරීන් ගෙනි.

මෑතකදී ස්විස්ටර්ලන්තයේ බර්න් නුවර ද්‍රවිඩ උත්සවයක් පැවැත්වුණි. ප්‍රභාකරන්ගේ බිරිය මදිවාදිනි සහ ද්වාරිකා එම උත්සවයට එන බවට ප්‍රචාරය විය. මුහුණු වසාගත් කාන්තාවන් දෙදෙනෙක් මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණියහ. ප්‍රභාකරන් අසනීප වී සිටින බව පැවසූ ඔව්හු අරමුදල් එකතු කර විනාඩි 10 ක් වැනි කාලයකදී ප්‍රෑන්ක් 25000 ක් එකතු කරගත් එම කාන්තාවෝ විගස පිටය ගියහ. පැමිණියේ මදිවාදිනි හා ද්වාරිකාදැයි කවුරුත් දන්නේ නැත.

මෙයට අමතරව උතුරේ සිට ස්විස් ප්‍රංශ මාළු වෙළෙඳ සලට මාළු ආනයනය කරන්නේ ඩයස්පෝරා ක්‍රියාකාරීන්ය. ඔවුන්ගේ ඒජන්තවරු උතුරේ සිටිති. මේ සතියේ දිනෙක තුත්තිකුඩියේ සිට නවසීලන්තයට පැනයෑමට උත්සාහ කළ පවුලක් තමිල්නාඩු පොලිසියට හසුවිය. ඔවුන් සතුව තිබී ඉන්දීය රුපියල් 1692951 ක් සොයා ගැනුණි. එම පවුලට සම්බන්ධ දුෂ්යාන්තන් නමැත්තා ඉන්දීය රුපියල් මිලියන 3.60 වැයකර බෝට්ටුවක් මිලයට ගැනීමටද උත්සාහ කර ඇත.

මෙවැනි විශාල මුදලක් ඔවුන්ට කොහෙන්ද? ඒ ඩයස්පෝරා අරමුදල්ය. රට රටවල ද්‍රවිඩ ජනතාව වර්ධනය කිරීමද ඩයස්පෝරාවේ අරමුණ වේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment