පුද්ගලයකුගේ අවම මාසික වියදම

428


ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තා වල සඳහන් වෙයි.

මෙම රුපියල් 17,014 ක වියදම රටටම බලපාන පරිදි සාමාන්‍ය අගයක් ලෙස ප්‍රකාශ කළ බව පවසන එම දෙපාර්තමේන්තුව එය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වන බව ද සඳහන් කරයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකුගේ මසක වියදම රුපියල් 18,350 කි. එය වැඩිම වියදම ඇති දිස්ත්‍රික්කයවේ.

මොණරාගල දිස්ත්‍රික්කය සඳහා වන මුදල රුපියල් 16,268 කි.එය මෙරට දිස්ත්‍රික්ක 25 න් අඩුව මාසික වියදම ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment