විමල් – වාසු – උදය ව්‍යවස්ථාවත් කඩකලා: නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

341

ඇමැතිවරු තිදෙනා යුගදනවිට එරෙහි වන්නේ රටේ ආරක්ෂාව ගැන හිතලයි
– ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා

කැබිනට් මණ්ඩලයේ සියලූම සාමාජිකයන් කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් සුරැුකීමට බැඳී ඇතත් එයට පිටුපා විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් යුගදනවි ගිවිසුමට එරෙහිව දිවුරුම් ප‍්‍රකාශ ලබාදීමෙන් ඔවුන් එම සාමූහික වගකීම් පමණක් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇතැයි නීතිපති සංජය රාජරත්නම් මහතා ඊයේ (17 දා) අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මු`ඩුල්ල හමුවේ පැවසීය.

යුගදනවි ගිවිසුම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම්වලට සහාය පළකරමින් එකී අමාත්‍යවරුන් තිදෙනා ගොනුකර ඇති දිවුරුම් ප‍්‍රකාශ නීති විරෝධි බැවින් එම පෙත්සම් සලකා බැලීමේ කටයුත්තෙන් ඉවත් කිරීමට නියෝග කරන ලෙසත් නීතිපතිවරයා එහිදී විනිසුරු ම`ඩුල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

යුගදනවි තාප විදුලි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු සියයට 60 ක කොටසින් සියයට 40 ක්ම පවරාදීමේ රජයේ තීරණයට එරෙහිව එම අමාත්‍යවරුන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුවේ ජාතික දේපළක් වන එය විදේශයක පාලනයට නතු කිරීමට ඉඩහැරීමෙන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිවිපාකවලින් රට ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් වන්නේ යැයි එම අමාත්‍යවරුන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා විනිසුරු ම`ඩුල්ල හමුවේ කීවේය.

2021.09.06 වැනිදා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී එම ගිවිසුමට අදාළ කැබිනට් පත‍්‍රිකාව සම්මත වූවා සේ සලකා ඉදිරි කටයුතු සඳහා යොමුකර ඇතත් එදින එය කැබිනට් රැුස්වීමට ඉදිරිපත් කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහස් හුවමාරු කරගැනීමක් සිදුනොවූ බවටත් එකී දිවුරුම් ප‍්‍රකාශ මගින් අධිකරණයට පවසා ඇතැයි ද ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණයට කීවේය.

එම කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයේ ලේක්වරයාට ද ලැබී ඇත්තේ කැබිනට් මණ්ඩල රැුස්වීමට සහභාගිවීමට පැමිණි අවස්ථාවේදී වන බැවින් ඔහු ඒ පිළිබඳ කිසිදු කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නැතැයි ද අධිකරණයට පැවසූ ජනාධිපති නීතීඥවරයා සිය සේවාදායකයන් තිදෙනා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවට මත ප‍්‍රකාශ වුවත් මැතිවරණ සමයේදී ඇතිකරගත් එක`ගතා ගිවිසුම් අනුව එසේ කළ නොහැකි නිසා එකී මත ක‍්‍රියාවට න`ගා නොමැති බවද පැවසීය.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ හා එහිදී සාකච්ඡුාවට බඳුන් නොකළ ගිවිසුම් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයේදී අනුමත කළා සේ සලකා ගිවිසුම් සකස් කිරීමට අදාළ අංශ වෙත යැවීම යුක්තිසහගත නොවන නිසා සිය සේවාදායකයන් ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයා දැනුවත් කර ඇතැයි ිද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට කීවේය. ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතිඥ තිසත්් අබේගුණවර්ධන යන මහත්වරු ද අධිකරණය හමුවේ කරුණු දැක්වූහ.

පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 21 හා 22 යන දිනවලදී ද කැඳවීමට විනිසුරු ම`ඩුල්ල යෝජනා කළ නමුත් පෞද්ගලික අපහසුතාවක් නිසා වර්ෂ අවසාන අධිකරණ නිවාඩු සමයෙන් පසු කැඳවන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා විනිසුරු ම`ඩුල්ලෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන ජනවාරි 10 වැනිදා පෙරවරු 10.00 දක්වා කල්තැබීමට අගවිනිසුරු ජන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා එල් ටී. බී. දෙහිදෙනිය යන විනිසුරු ම`ඩුල්ල නියම කළහ.

කොළඹ අගදරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්, ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහනස්සේ, සමගි ජනබලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් එම පෙත්සම් පහ ගොනුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment