පුහුණු තරගයේදී ශ්‍රී ලංකාවෙන් ලකුණු 263 ක්

126

2023 ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉන්දියාවේ ගුවහාති හි ඊයේ (29 වැනිදා) පැවැති පුහුණු තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 263ක් ලබා ගත්තේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සහ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා අර්ධ ශතක වාර්තා කළහ. පැතුම් නිශ්ශංක එහිදී පන්දු 64 කදී ලකුණු 68 ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 34 ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 104ක් විය. කුසල් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර ධනංජය ලකුණු 55 ක් ලබා ගත්තේය. සධීර සමරවික්‍රම සහ දසුන් ශානක අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගිය අතර මෙහෙදි හසන් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් දවා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment