මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිස එක පවුලකට නොවෙයි – විපක්ෂ නායක සජිත් වවුනියාවේදී කියයි

27

ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන නායකයකුටවත් ලියා දී නොමැති බවත් දේශපාලකයන් යනු මෙරට තාවකාලික භාරකරුවන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තාත්තගෙන් පුතාටත් ඉන් පසුව මුනුබුරාටත් පක්ෂවල අයිතිය සීමා වෙන ලක්ෂණ ඇති බවත් එක එක දේශපාලන පක්ෂවලට එහෙම කරන්න පුළුවන් වුවත් රටේ අයිතිය ඇත්තේ ලක්ෂ 220ක ජනතාවට බවත්, එය සෑම ආගමකටම ජාතියකටම අයිති දෙයක් බවත් ආගමික සමගිය ජාතීන් අතර සමගිය ඇති කර ගත යුතු බවත් ආගම් හා ජාති අතර භේද භින්නකම් ඇති කර ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 136 වැනි අදියර යටතේ ඊයේ (28 දා) වන්නි දිස්ත්‍රික්කයේ, වව්නියාව, නැදුන්කේනි ඕලුමඩු දෙමළ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ඔහු විසින් ලබා දෙන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment