සත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ

301

1971 සිට ගෙවුණු දශක පහ තුළ සිංහල ගීත වංශයට සිය මධුර කට හඬින් ගීත රැසක් දායාද කළ චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත වන විට 76 වැනි වියේ පසු විය. ප්‍රවීණ ගී පද රචක කේ.ඩී.කේ. ධර්මවර්ධන ලියූ ‘ඇගෙ සිනහව තහනම්’ ගීතය මෙරට ගීත ශ්‍රාවකයින්ගේ සවන්පත් පිනවූ වඩාත්ම හදවත දිනාගත් ගීතයක් විය. මෙරට ජනප්‍රිය සංගීතයෙහි නම රැන්දූ කලා පවුලක සාමාජිකයකු වූ චන්ද්‍රකුමාර කඳනාරච්චි ගායනවේදියා තම සොහොයුරන් දෙදෙනා වූ ටියුඩර් කඳනාරච්චි සහ වික්ටර් කඳනාරච්චි යන ප්‍රවීණ ගායන ශිල්පීන් සමග ගැයූ ‘පෝය සඳේ සඳ කිරණින් – ලොවේ අඳුර දුරු වේවා… හදේ නැගෙන සිල් සුවඳින් බවේ දුගඳ වැනසේවා…’ ගීතය මෙරට බෞද්ධ ගීත කලාව ඇසුරු කරන්නන්ගේ සදා මතකයේ රැඳුණු ගීයකි. එහි අලංකාරවත් සංගීතය හා තනුව ටියුඩර් කඳනාරච්චි මහතා නිර්මාණය කළ අතර පද රචකයා වූයේ එමර්සන් හිප්පොල මහතාය.

70, 80, 90 දශක තුනේ ‘කඳනාරච්චි බ්‍රදර්ස්’ නමින් කලා ලෝකයේ නම දිනූ කඳනාරච්චි සොහොයුරන් තිදෙනා එක්ව ගීත සහ සංගීත නිර්මාණ රැසක් එළිදැක්වූහ.

සත් දිනකින් ඔබෙ කටහඬ මට ඇසුණේ නෑ

චන්ද්‍ර කුමාර කඳනාරච්චි ගායන ශිල්පියා 80 සහ 90 දශකවලදී ගම මහනුවරයි, නෙළුම් විලේ, ඇගෙ සිනහව තහනම්, හිතේ සතුට ජීවිතයේ මිහිර ලංවුණා, ගංගා නදී තීරයේ, සත් දිනකින්, නිල් කඳු පවුරයි, සීතල වැහි පිනි, මගේ නෙත්, නෙතු පැටලේ යන ගීත සහ අතීතයේ එක් දවසක(1971), පාන් පිටි බබෙක්(1974), අහස් යානයක පියාසලන විට(1973), සමුදුර මැද තනිවී නෞකාවේ(1974), දුම්රිය මැදිරියේ අසුන් කොනේ(1975), දොරකඩ කවුළුව ළඟට වෙලා(1977), මගේ පැංචෝ(1975), දුර රටකය මා දැන් ඉන්නේ(1975) වැනි ගීත ඇතුළුව ගී තැටි, කැසට්පට, රූපවාහිනී සහ ගුවන්විදුලි ගීත 100කට වැඩි ප්‍රමාණයක් ගායනා කළේය.

සචිත්‍ර නේරංජන ඇල්වලගේ

advertistmentadvertistment
advertistmentadvertistment