අපරාධකරුවකුට නවාතැන් දුන් බන්ධනාගාර සැරයන් රිමාන්ඩ්

56

ගලපිටමඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ “චතුවා” නමැති සැකකරුවකුට සිය නිවසේ නවාතැන් දුන් බව කියන බන්ධනාගාර සැරයන්වරයකු ඔක්තෝබර් මස 4 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය ඊයේ (20දා) නියෝග කළාය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයේ නියුතු සැරයන්වරයකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරිණි.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ “චතුවා” නැමැති පුද්ගලයා එම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු සැකකාර බන්ධනාගාර සැරයන්වරයාගේ රාජගිරියේ පිහිටි දෙමහල් නිවසක දෙවන මහලේ කුලී පදනම මත නවාතැන්ගෙන සිට තිබේ. “චතුවා” නමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙය හෙළි වූ බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

“චතුවා” නමැති පුද්ගලයා එම වෙඩි තැබීමට සම්බන්ධ බව දැන දැනම මෙම සැරයන්වරයා විසින් ඔහුට රැකවරණය ලබාදී ඇති බව හෙළි කරගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment