පකිස්තාන කණ්ඩායම දිවයිනට එයි

213

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සඳහා සහභාගි වීම පිණිස ඊයේ (09 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙතින් දිවයිනට පැමිණියේය.

පකිස්තාන ක්‍රීඩකයන් සහ නිලධාරීන් 27 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් එසේ පැමිණි අතර ඊ. කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්. එස්. සී. ක්‍රිකට් පිටියේ දී මෙම ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිතය.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඉන් පිටත ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment