ඉසිපතන සහ ශාන්ත පීතර තවදුරටත් අපරාජිතයි

172

පාසල් රග්බි තරගාවලිය

ඩයලොග් ලීග් ශූරතා පාසල් රග්බි තරගාවලිය යටතේ තම අපරාජිත බව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

මෙතෙක් අපරාජිතව සිටි ඩී. එස්. සේනානායක විදුහල ලකුණු 16 කින් පරාජයට පත් කිරීමට ඉකුත් සිකුරාදා (07) ඉසිපතන විදුහල සමත් වූ අතර මහනුවර ත්‍රිත්ව විදුහල ලකුණු 12 කින් පරාජය කිරීමට ශාන්ත පීතර විදුහලට හැකි විය.

මේ අතරවාරයේදී මෙතෙක් අපරාජිතව සිටි කොළඹ සහිරා විදුහලට එරෙහිව ලකුණු 41 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳීමට කොළඹ රාජකීය විදුහල ද මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ලකුණු 07 ජයක් ලබන්නට මහනුවර විද්‍යාර්ථ විදුහල ද සමත් වීම කැපී පෙණුනි.

මහනුවර ශාන්ත අන්තෝනි විදුහල හමුවේ වෙස්ලි විදුහල එක ලකුණකින් ද, සාන්ත ජෝසප් විදුහල හමුවේ කිංග්ස්වුඩ් විදුහල ලකුණු 33 කින් ද පරාජයට පත්විය. කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී පැවති ඉසිපතන සහ ඩී. එස්. දෙපිල අතර අපරාජිතයන්ගේ සටනේ අවසන් ප්‍රතිඵලය ලකුණු 22 – 06 ක් ලෙස සටහන් විය.

පල්ලේකැලේ දී සටන් වැදුණු ත්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 22 – 10 ක් ලෙස ජයග්‍රාහී නිමාවක් සටහන් කර ගනිමින් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

මෙතෙක් මුහුණ දුන් තරග 04 ක් ආශ්‍රිතව ලකුණු 35.25 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ප්‍රතිවාදීන්ට එරෙහිව ලකුණු 141 ක් රැස් කිරීමට රාජකීය විදුහලට හැකි වූ අතර ලකුණු 27.75 ක සාමාන්‍යයක් රඳවා ගනිමින් ලකුණු 111 ක් වාර්තා කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත්ව සිටිති.

ඉසිපතන විදුහලට එරෙහිව ලකුණු 52 ක් ද රාජකීය විදුහලට එරෙහිව ලකුණු 27 ක් ද රැස් කර ගැනීමට ප්‍රතිවාදීන්ට හැකි වූහ.

මේ සති අන්තයේ තරග ප්‍රතිඵල

ඉසිපතන 22 – ඩී. එස් 06

රාජකීය 44 – සහිරා 03

විද්‍යාර්ථ 29 – ධර්මරාජ 22

ශාන්ත පීතර – 22 ත්‍රිත්ව 10

ශාන්ත අන්තෝනි 30 – වෙස්ලි 29

සාන්ත ජෝශප් 48 – කිංග්ස්වුඩ් 15
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment