මොළේ උණ වැළඳෙන හැටි

1227

මොළේ උණ එසේත් නැතිනම් ජැපනීස් එන්සෙපලයිටීස් (Japanese encephalitis) රෝගය සම්බන්ධව මෑතක සිට විවිධ මත පළවන්නට පටන්ගෙන ඇත. මෙම වෛරස රෝගය වැළඳීම වැළැක්වීම සඳහා ලබාදෙන එන්නත (JE) රෝහල්හි නොමැති බවත් එනිසා මෙම රෝගය යළි හිසඑසවිය හැකි බවටත් විවිධ පාර්ශ්ව චෝදනා කරති.

ජැපනීස් එන්සෙපලයිටීස් කියුලෙක්ස් වර්ගයකට අයත් මදුරුවෙක් මගින් සහ ඌරන් මගින් ආසාදනය වන වෛරස රෝගයකි.

(Flavivirus) මෙය ආසාදනය වූ විට මොළයේ මෙනෙන්ජි පටලවලට හානි සිදුවේ.

එසේ හානි වීම නිසා රෝග ලක්ෂණ ලෙස වෙව්ලා උණ ගැනීම, නළල යට ප්‍රදේශයේ සිට හටගන්නා හිසරදය, වමනය ආදී අපහසුතා මතුවේ.

මෙය පැය 24 ක කාලයක සිට දින 14 ක කාලයක් දක්වා පැවැතිය හැකිය.

මෙලෙස මෙනෙන්ජි පටලවලට සිදුවන හානි ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී මොළයට හානි සිදුවීම ද ඇතිවේ. එම තත්ත්වය එන්සෙපලයිටීස්
(Incephalitis) ලෙස පවසයි.

මෙම රෝගය ආසාදනය වීම නිසා ඇතිවන හානි අනුව දැනීම අඩුවේ. එනම් ගඳ-සුවඳ, රස දැනීම අඩුවීම සිදුවේ. මාංශපේශී දරදඬුවීම සිදුවේ. අසාමාන්‍ය ලක්ෂණ මතුවේ. කල්පනාව දුර්වලවීම ඇතිවේ.

වෛරස ආසාදනයක් නිසා මෙම රෝගය දින කිහිපයකින් සුවවී යයි. නමුත් රෝගය නිසා මොළයට සිදුවූ හානි අනුව ඇතිවූ මතක ශක්තිය අඩුවීම, නිතර සිරුර දරදඬුවීම, රස, ගඳ-සුවඳ දැනීමේ දුර්වලතා යළි යථා තත්ත්වයට පත්කිරීමට ඖෂධ ප්‍රතිකාර නොමැත. කළ හැක්කේ භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර මගින් මතුව ඇති දුර්වලතා පාලනය කිරීමක් පමණි.

● රෝගය වළක්වා ගැනීම ජැපනීස් එන්සෙපලයිටීස් රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඇති JE එන්නත දරුවකු ඉපදී මාස 09 න් පසු ලබාදීම සිදු කරයි. එය මාස 9 න් පසු ඕනෑම වයසකදී ලබාදිය හැකිය.

එබැවින් කුඩා කල දරුවන්ට අනිවාර්යයෙන් ලබාදෙන ත්‍රිත්ව, පෝලියෝ, බී. සී. ජී. ආදී එන්නත් සමඟ JE එන්නත ද ලබාදීම සිදු කරයි. මෙම එන්නත ලබාදීමෙන් පසු රෝගය ආසාදනය වීම වළක්වා ගත හැකිය. රෝගය ඇති වුවද ඉන් සිදුවන හානි අවම වේ.

මොළේ උණ වැළඳෙන හැටි

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂණවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
විශේෂ වෛද්‍ය සනත් සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment