ලංකා බැංකුව විසින්, කාර්මික සංවර්ධන මණ්ඩලය හා එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ ප්‍රයත්නයක් ලෙස සංවිධානය කරනු ලබන ‘Entrust SME to Global‘ පුහුණු කිරීමේ මුල් පියවර පසුගියදා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ලංකා බැංකුවේ සභාපති, ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහතා මහ කළමනාකරු රසල් ෆොන්සේකා යන මහත්වරුන් ප්‍රමුඛ බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ මහත්ම මහත්මීන් සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සහභාගි වූ මෙම වැඩසටහනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් සහභාගී වූහ.

නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික හා අක්වෙරළ බැංකු) ජී. ඒ. ජයශාන්ත මහතාගේ සහ නියෝජ්‍ය මහා කළමනාකාරිණී (ශාඛා ණය කලාප අංක II හා සංවර්ධන බැංකු කටයුතු) එම්. එම්. ආර්. පී. ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් පරිදි, ලංකා බැංකුවේ අපනයන කවය (Export Circle) සහ SME කවය (SME Circle) ඒකාබද්ධව පවත්වනු ලැබූ මෙම සැසිය මගින් ගෝලීය වෙළෙඳපොළ අවස්ථා සන්නාමකරණය සහ අලෙවිකරණ උපායමාර්ග මෙන්ම අපනයන වෙළෙඳපොළ ආශ්‍රිතව ඇතිවන්නා වූ ගැටලු‍ පිළිබඳව සාකච්ඡා විය.

advertistmentadvertistment
advertistmentadvertistment