ස්ටේෂන්වල” බස්වල නිදාගත්තු කාලයක් තිබුණා – සංජය මුරමුදලි

235

එදා කට්ට මෙදා පට්ට

ගමෙන් කොළඹ ඇවිත් ලොකු කට්ටක් කාල අද එහි ප්‍රතිඵලය පට්ට විදිහට රස විඳින රංගන ශිල්පියෙක් තමයි සංජය මුරමුදලි කියන්නෙ. හොඳ වගේම ඇනුම් බැනුම් එක්ක මේ දිනවල ඔහු රංගනයෙන් දායක වුණ ටෙලි නිර්මාණ පහක් විකාශය වෙනව. ඉතිං අපි සංජයගෙන් මේ ගැන වැඩිදුර තොරතුරු අහල බලමු.

● සංජය” මොනවද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ” අකුරට යන වෙලාවේ” මේක තමයි ජීවිතේ” කලු රෝස සහ ඉදිරියේදී විකාශය වීමට නියමිත ඕකේ බොස් යන නාට්‍ය පහක විතර වැඩකටයුතු කරගෙන යනවා.

● නාට්‍ය පහක් එකවර විකාශය වෙනවා. මොකක්ද ඔබේ අදහස?

වර්තමානයේ අපේ තරුණ රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරින් මම වාසනාවන්ත චරිතයක් කියල මට හිතෙනව. මොකද මුල් කාලයේ මම රංගනයෙන් එකතු වුණ අමුතු රසිකයා නාට්‍යය විකාශය වන කාලයේත් එකවර නාට්‍ය හතක් විකාශය වෙලා තියෙනව. පසුකාලීනව අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවුණත් නිර්මාණ එකක දෙකක වැඩකටයුතු කරගෙන යද්දි මේ වගේ එකවරම නිර්මාණ පහක් හයක් විකාශය වෙන එකත් වාසනාවන්ත සිදුවීමක්. ඒක ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනකුට නොලැබෙන අවස්ථාවක්.

ස්ටේෂන්වල” බස්වල නිදාගත්තු කාලයක් තිබුණා - සංජය මුරමුදලි

● වැඩිපුර හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ මොන චරිතයටද?

මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ මේක තමයි ජීවිතේ නාට්‍යයේ චරිතයට.

● වැඩිපුරම බැනුම් අහන්නෙ?

සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ කුමාර සහ අකුරට යන වෙලාවේ නාට්‍යයේ වාසල සර් තමයි වැඩිපුරම බැනුම් අහන්නෙ. සර් ට වැඩිපුර බලපෑම් තියෙනව. මොකද ළමයින්ගෙන් ටියුෂන් පන්තිවලට සල්ලි ගන්නව. වෙන වෙන දේවල් වලට වියදම් කරනව. ටියුෂන් පන්තියේ උගන්වන්නෙ නැතිව විහිලු තහලු කරනව. හැම වෙලාවෙම ප්‍රශ්න තමයි තියෙන්නෙ. මේවාට හොඳටම බැනුම් අහන්න වෙනව.

ස්ටේෂන්වල” බස්වල නිදාගත්තු කාලයක් තිබුණා - සංජය මුරමුදලි

● මේ චරිත පහේ පුද්ගලික ජීවිතයේ අත්දැකීම් තියෙනවද?

ඇත්තටම මේ චරිත පහ මගෙ පුද්ගලික ජීවිතයට අදාළයි. නමුත් කළු රෝස නාට්‍යයේ මිනීමැරුමකට සම්බන්ධ වෙනව කියල තිබුණට මගේ පෞද්ගලික ජීවිතය තුළ එහෙම දේකට සම්බන්ධ නොවුණත් අනෙක් අය කරන වැරදි වැඩවලට මාව ගාවලා ඒ අය මාරු වුණ අවස්ථා තියෙනව. මම නාට්‍ය හා රංගකලාව උගන්වනවා. මගේ පැත්තෙන් ළමයින් වෙනුවෙන් ඒ දේවල් කරගෙන හිටියත්” කොච්චර හොඳ කළත් සමහර තැන්වලදි මිනිස්සු අපිව වැරදියට තේරුම් ගත්ත අවස්ථා තියෙනව.

වනිඳු කියන චරිතය ඇතුළෙ තියෙන්නෙ මගේ චරිතය” මගේ කොටස් ටික. රුපියල් එකසිය පනහක් තියාගෙන කොළඹ ඇවිත් රෝස් පාන් ගෙඩියයි කෙසෙල් ගෙඩියයි කාපු කෙනෙක්. කතාවෙ හැටියට එහෙම තිබුණත් මගේ ජීවිතයේ ඇත්තම කතාව ඇතුළෙ මම කොළඹ ඇවිත් විඳපු දුකත් එහෙමම තියෙනව. මොකද රුපියල් පන්සියයකින් මාසයක් ගෙනියන්නෙ කොහොමද කියල හිතපු අවස්ථා තියෙනව.

● සංජය කොළඹ එන්නෙ මොන වගේ අරමුණකින්ද?

මුලින්ම මම කොළඹ එන්නෙ ජපන් භාෂාව ඉගෙනගන්න. ඉන් පස්සෙ මහරගම තරුණසේවා සභාවේ නාට්‍ය පාසලේ ශිෂ්‍යයෙක් වෙනව. එතනින් එහාට තමයි මේ ගමන හැදෙන්නෙ.

● ගමෙන් කොළඹ එනකොට රංගන ශිල්පියෙක් වීමේ බලාපොරොත්තුවක් තිබුණාද?

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලෙ සරච්චන්ද්‍ර පදනමේ නාට්‍යවලට සහභාගි වෙලා හොඳම නළුවා සම්මාන පවා ලබාගෙන තියෙනව. නළුවෙක් විදිහටම නැතත් කලාව පැත්තට යම් හැකියාවක් තියෙන කෙනෙක් විදිහට නමක් හැදිල තිබුණා. ඉන් මේකප් පැත්තෙන් එක එක දේවල් අධ්‍යයනය කරන්න කොළඹ එනව. රංගනයට එකවරම යොමු වුණේ නැහැ. මුලදි අවධානය තිබුණෙ අධ්‍යක්‍ෂණය පැත්තට. නමුත් මොකක් හෝ හේතුවකට රංගන ශිල්පියෙක් හැටියට අද මේ ඉන්න තැනට පත් වුණා.

● ජනප්‍රියත්වය ඔබට දැනෙන්නෙ කොහොමද?

මේ ජනප්‍රියත්වය සාමාන්‍යයෙන් මනුස්සයකුට ලැබෙන දෙයක් නෙමෙයි. සිය දෙනෙක් ගත්තොත් ඒ අතරින් එක්කෙනෙකුටවත් නොලැබෙන

අවස්ථාවක් වෙන්න පුළුවන්. කාර්යබහුල බව හා සමාජයේ පවතින තත්ත්වයත් එක්ක ජනප්‍රියත්වය කියන දේ කළමනාකරණය කරගන්න අමාරුයි. නමුත් මේ ලැබිල තියෙන තැන ගොඩක් වටිනවා සහ මට ලැබිල තියෙන්නෙ අනෙක් නළු නිළියන්ට ලැබිල තියෙන තැන නෙමෙයි. හැම කෙනෙක්ම වගේ ආදරෙයි. මාව දකින්නෙ ආදරණීය පුද්ගලයෙක් හැටියට. ඒ ආදරය මට ගොඩක් වටිනව.

● එදා කොළඹ ඇවිත් කට්ටක් කෑවත් අද?

ඇත්තටම ඔව්. එදා ඒක කට්ටක් වුණාට අද තමයි ඒක පට්ට කියල මම හිතන්නෙ.

● ඒ අතීතය මොන වගේද?

සති ගණන් උදේට හෝ රෑට විතරක් කාල ජීවත් වුණ කාලයක් තිබුණා. ඒ වගේම හරියට නිදාගන්න තැනක් තිබුණෙ නැහැ. මුදල් අතේ නැතිව ආසාවට කලිසමක් කමිසයක් ගන්න පුළුවන්කමක් තිබුණෙ නැති අවස්ථා තිබුණා. සමහර තැන්වල ෂූටිං ගියාම සල්ලි දෙන්නෙ නැහැ. අපි එකිකෙනාගෙ අතේ තියෙන කීයක් හරි එකතුකරල ඒකෙන් කෑම කාල ස්ටේෂන්වල” පන්සල්වල නිදාගෙන තියෙනව. මම තනියම දිනනවා කියන දේ ඔළුවෙ තිබුණ නිසා ගෙදරින් සල්ලි ඉල්ලුවෙත් නැහැ.

● අධ්‍යාපන කටයුතු කොහොමද?

කාර්යබහුලත්වය නිසා යම් අවස්ථාවකදි මගහැරුණත් අධ්‍යාපන කටයුතු නවත්වලා නැහැ. ලංකාවේදී හෝ පිටරටකදී සපුරාගන්න අධ්‍යාපනයේ ඉලක්ක මට තියෙනව. ඒවාට මාර්ගය හදාගන්න කටයුතු කරනව.

● සිනමාවට ලැබුණ අවස්ථා?

මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයාගේ ක්‍ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටයට වගේම මේ දිනවල රූගතකරන සිනමා නිර්මාණයකටත් මම දායක වෙලා තියෙනව. ඊට අමතරව ඉන්දියන් සිනමා නිර්මාණයකටත් දායක වුණා. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනගන්න ලැබෙයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment