ලංගමට නැති දුම් නීතිය අපටත් එපා – ගැමුණු කියයි

47

පෞද්ගලික බස් රථ ලබන වසරේ (2024) ජනවාරි සිට දුම් පරීක්ෂාවෙන් ඉවත් වීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා ඊයේ (09 දා) පැවසීය.

ශ්‍රී ලංගම බස් රථ ඇතුළු රජයට අයත් ආයතන රැසක වාහන දුම් පරීක්ෂාවට ලක් නොවන බවත්, පෞද්ගලික බස් රථ පමණක් දුම් පරීක්ෂාවට යොමු කිරීම පෞද්ගලික බස් රථ හිමියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් ඔහු කීය.

මේ වන විට රජය මගින් මාර්ගයේ ගමන් ගන්නා බස් රථවල දුම් පරීක්ෂාවට ලක්කර නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන නමුත් ඇත්තටම පරිසරයට ආදරය නම් එය සියලුම වාහන සඳහා සිදුකළ යුතු බවත් ගැමුණු විජයරත්න මහතා පැවසීය.

ලබන වසරේ සිට දුම් පරීක්ෂාව නොකරන බවට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලිඛිතව දැනුම් දෙන බවත්, ඔවුන් එයට එකඟ නොවන්නේ නම් අධිකරණ ක්‍රියාවලියක් දක්වා ගමන් කිරීමට තම සංගමය කටයුතු කරන බවත් විජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment