නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිධුරයෙන් තාවකාලිව ඉවත්වේ

704


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කර ඇත.
ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන
පරීක්ෂණ කටයුතු නිමවන තෙක් මෙලෙස ඇමැතිධුරයෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment