ඉන්දියාවෙන් යූරියා පොහොර

547


ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ මහ කන්නය සඳහා ශ‍්‍රී ලංකාවට ලබාදෙන යූරියා මෙටි‍්‍රක් ටොන් 65,000 ඉදිරි දින කිහිපයේදී නැව්ගත කරන බව ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය පොහොර දෙපාර්තුමේන්තුවේ ලේකම් රාජේෂ් කුමාර් චතුර්වේදී මහතා සමග පැවැති සාකච්චාවෙන් පසු මෙම පොහොර ලබාගැනීමට හැකිවී ඇත.ඉන්දියාව යූරියා පොහොර අපනයනය තහනම් කර ඇති අතර ශ‍්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව මෙම පොහොර තොගය ලබාදෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment