වසර අවසානයේදී ආර්ථිකය හරි අතට – මහ බැංකුව

708

මේ වසර (2023) අගභාගය වන විට ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහ බැංකුව පවසයි.

දේශීය සැපයුම් තත්ත්වයෙහි වැඩිදියුණුවීම, ව්‍යාපාර සහ ආයෝජක අපේක්‍ෂා වර්ධනය වීම මෙන්ම විදේශ විනිමය ලැබීම්වල අපේක්‍ෂිත වර්ධනයන්, වෙළෙඳපොළ පොලී අනුපාතිකවල අපේක්‍ෂිත අඩුවීම සහ ආර්ථික වර්ධනයේ ඉදිරි දැක්ම ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම මගින් සහය ලබමින් මෙසේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වනු ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි දක්වා ඇති ආර්ථික ගැලපුම් වැඩසටහන ක්‍රියාවට නැංවීම මගින් මැදිකාලීනව ආර්ථික ක්‍රියාකාරකම්වල යථා තත්ත්වයට පත්වීම තිරසාරව පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බවද එම නවතම මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment