නිවසේ කිසිවකු නොමැති අතරේ නාවලපිටිය දෙදරු මවක බරපතළ ලෙස දූෂණය කරලා

1961

ගමට වාහනයක් යන්න බැරි නිසා පොලිසිය කිලෝමීටර් 5ක් පාගමනින්ම ගොස් කත බේරාගෙන

නාවලපිටිය ඉඟුරුඔය අතිදුෂ්කර ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි කාන්තාවක බරපතළ ලෙස දූෂණයට ලක්ව ගම්මානයේ කොටුව සිටියදී නාවලපිටිය පොලිසිය කිලෝමීටර 5 ක් පා ගමනින් ගොස් මහ රැයේ දී ඇය බේරාගෙන නාවලපිටිය රෝහලට ඇතුළත් කොට තිබේ.

නාවලපිටියේ සිට කිලෝ මීටර විසි දෙකක් දුරින් පිහිටි මෙම ප්‍රදේශයට යාමට තිබූ ඉඟුරුඔය පාලම පසුගිය වර්ෂාව සමග කැඩී යාම නිසා වාහන ධාවනය නැවතීමෙන් යාමට ඇති එකම මාර්ගය වී ඇත්තේ පා ගමනින් ගමන් කිරීමය.

දෙදරු මවක වූ 36 හැවිරිදි මෙම කාන්තාවගේ සැමියා යුද හමුදා සෙබළකු වන අතර ඔහු සේවය කරන්නේ පිට පලාතක බවද පොලිසිය පවසයි. ඇගේ දහතුන් හැවිරිදි පුතා හා 7 හැවිරිදි දියණිය පාසල් ගිය අවස්ථාවේදී අසල නිවසක පදිංචිකරුවකු වන යුද හමුදාවෙන් පලා ආ අයකු මෙසේ ඇයට අතවර කර තිබෙන බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව සමග සැමියාගේ මව ද සිටින මුත් ඇය නාවලපිටිය රෝහලේ සායනයකට ගිය අවස්ථාවේ මෙම අතවරය සිදුව ඇති බවද පොලිසිය පවසයි. සැකකරු විසින් ඔහුගේ පුතා සමග මෙම කාන්තාවගේ නිවසට පැමිණ ඇඹරැල්ලා කඩාගෙන ගොස් ඔත්තු බලා ඇය තනිව නිවසේ සිටින බව දැන පසුව නැවතත් තනිවම විත් අලවංගුවක් ඉල්ලා ඇය නිවසේ කාමරයකට ඇදගෙන ගොස් තිබේ. එහිදී ඇය ඔහුගෙන් බේරී පලා යන විට නැවතත් අල්ලා ගත් බව පොලිසියට ඇය පවසා තිබේ.

සිද්ධියෙන් පසු සැකකරු සිදුකල තර්ජන හමුවේ බිය වීම හා ප්‍රවාහන පහසුකම් නොමැතිකම සමග ගමෙන් පිටවීමට නොහැකි වූ ඇය නිවසේ සැඟව සිට රෝහලට ගිය නන්දම්මා සවස පැමිණි පසු මේ බව දන්වා තිබේ.

නැන්දම්මා සිදු කළ පැමිණිල්ල අනුව පොලිසිය මෙසේ පැමිණ ඇය රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ.

බදුල්ල නාවලපිටිය දුම්රිය මාර්ගය මෙම ප්‍රදේශය හරහා වැටී ඇති අතර අසාධ්‍යව සිටි කාන්තාව පාගමනින් නැවත කිලෝමීටර් 5ක් රැගෙන යාමට නොහැකි තත්ත්වයක් පැමිණීම නිසා පොලිසිය විසින් ගමන් ගන්නා දුම්රියක් ඉතා පහසුවෙන් නවතා ඇය ගලබොඩ දුම්රිය ස්ථානය දක්වා රැගෙන විත් නැවත නාවලපිටිය දක්වා පැමිණ තිබේ.

සිද්ධීයෙන් පසු සැකකරු එම වත්තේ කැලෑවක අතහැර දමා තිබූ පාළු ගොඩනැගිල්ලක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා සමග ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරින්, අපරාධ අංශ නිලධාරීන් මෙම කාන්තාව බේරා ගෙන තිබුණි.

සැකකරු නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment