අමරපුර මහා නිකායට වැඩබලන මහානාහිමි නමක්

333

අමරපුර කල්‍යාණ වංශ මහා නිකායේ මහානායක ධුරයේ වැඩබැලීම සඳහා දෙවිනුවර රාජ මහා විහාරාධිපති, ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නාහිමිපාණන් පත්කිරීමට ඒකමතිකව තීරණය කර තිබේ.ඒ, රාජගිරිය තපොවනයේදී රැස්වු කල්‍යාණ වංශ මහා නිකායේ විධායක කාරක සභාව විසිනි.අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්වහන්සේගේ අපවත්වීමෙන් එම ධුරය පුරප්පාඩු වී තිබුණි. දොඩම්පහළ චන්දසිරි මහානාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා රාජගිරිය කලපළුවාව ‘ගෝතම තපෝවනය’ සංඝ මුලස්ථානයේ තැන්පත් කර තිබේ. උන්වහන්සේගේ ශ්‍රී දේහය ලබන ඉරිදා දක්වා තපෝවනයේ තැන්පත් කර තැබෙනු ඇත.අපවත් වන විට උන්වහන්සේ 84 වැනි වියෙහි පසු වූහ. මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මැයි 21 වන ඉරිදා සවස 03ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment