කෝලා වළසුන් 21 දෙනකු මරණයට පත්කළ පුද්ගලයකුට චෝදනා 126 ක්

294

ඉඩමක් එළිපෙහෙළි කිරීම සඳහා කුඩා වළසුන් විශේෂයක් වන ‘කෝලා වළසුන්’ (කෝලා බෙයාර්ස්) 21 දෙනෙකු දරුණු වධ හිංසා දී මරා දැමීම සම්බන්ධයෙන් ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ ඉඩම් හිමියෙකුට හා ඉඩම් එළිපෙහෙළි කරනු ලබන සමාගමකට එරෙහිව චෝදනා 126ක් යටතේ නඩු දැමීමට ප‍්‍රාන්තයේ වන සංරක්ෂණ නිලධාරීහු පියවර ගෙන තිබේ.

ඔස්ටේ‍්‍රලියාවේ සංරක්ෂිත දුර්ලභ සත්ත්ව විශේෂයක් වන කෝලා වළසුන් 21 දෙනකු මරා දැමීම හා එම වළසුන් 49 දෙනකු සිය වාසස්ථානවලින් නෙරපීම යන චෝදනා යටතේ වන සංරක්ෂණ නිලධාරීන් විසින් අදාළ චූදිතයන්ට එරෙහිව චෝදනා 126 බැගින් ගොනු කර ඇති බව වාර්තා වේ. මෙම එක් චෝදනාවකට විශාල දඩ මුදලක් හෝ මාස 12ක උපරිම සිර දඬුවමක් නියම කිරීමේ හැකියාව පවතින බව බලධාරීහු පවසති. කෝලා වළසුන් බහුලව වාසය කරන වික්ටෝරියා ප‍්‍රාන්තයේ කේප් බි‍්‍රජ්වෝටර් ප‍්‍රදේශයේ ඉකුත් වසරේදී කෝලා වළසුන් 21 දෙනෙකු මරා දමා තිබියදී බලධාරීන් විසින් සොයා ගෙන තිබිණි. එම වළසුන් සිටි ඉඩම එළිපෙහෙළි කිරීම හේතුවෙන් කෝලා වළසුන් 200 දෙනකුට පමණ බලපෑම් සිදුව ඇති බව වාර්තා වී ඇත. මෙසේ එළිපෙහෙලි කරන ලද ඉඩමේ තිබූ ‘ලූ ගම්’ ගස් මෙම වළසුන් විසින් සිය වාසස්ථාන කරගෙන තිබූ අතර ඉඩම එළිපෙහෙළි කිරීමත් සමගම එම ගස් වැඩි ප‍්‍රමාණයක් කපා දැමීමෙන් අතරමංව සිටි කෝලා වළසුන් 21 දෙනෙකු බුල්ඩෝසරවලට යට වීමෙන් හා නිරාහාරව සිටීම යන කරුණු මත මිය ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment