ආගමන කාලයේ ඉටි පහන් හතර

116

ආගමන කාලයේ ඉරිදා හතර තුළ පූජාසනය අසල ඉටි පහන් පහකින් සමන්විත හරිත චක්‍රයක් ඔබ දැක ඇත. ඇඩ්වෙන්ට් කැන්ඩල් රීත් ADVENT CANDLE WREATH යනුවෙන්ය. ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම හරිත වර්ණයෙන් යුක්ත වැල්වලින් ඔතා මලින් සරසා වෘත්තාකාර කළඹක හරි මැද සුදු ඉටි පහනක් ද ඒ වටා දම් පාට ඉටි පහන් තුනක් හා රෝස පාට ඉටි පහනක් වශයෙන් ඉටි පහන් පහකින් සමන්විතය.

ආගමන කාලයේ මුල් ඉරිදා සිට ඉරිදා හතර සහ නත්තල් මැදියම් රෑ දිව්‍ය පූජාව තුළ එක බැගින් මෙම ඉටි පහන් දැල්වේ.

මෙම ඉටි පහන් දැල්වීමේ අරුත වන්නේ සමිඳුන් මිනිසත් බව ගැනීම හෙවත් පාපයෙන් හා නපුරෙන් අඳුරු වූ ලොවට ආලෝකය ගෙන ඒමය. එම ක්‍රිස්තු ආලෝකයෙන් අප දිවිමග ද ආලෝකවත් කර ගතයුතු බව, අප ලොවට ආලෝකය විය යුතු බව මින් ගම්‍ය වේ.

මෙම හරිත චක්‍රයේ ඉතිහාසය 19 සියවස මුල් භාගය දක්වා දිවේ. 18 සියවස අග භාගයේ යුරෝපයේ විශේෂයෙන්. ප්‍රංශයේ උදාවූ විද්‍යා හා චින්තන ප්‍රබෝධය සමග දේව විශ්වාසය අඩුවී කතෝලික පූජකවරුන් ද මරණය ඇතුළු විවිධ පීඩනයන්ට ලක්වූ බව නොරහසකි. ජනතාව දහම ඇදහුවේ බියෙනි, සැකයෙනි. කිතු උපතට සූදානම් වන සමයේ මෙම භීතිය හා සන්ත්‍රාසය හමුවේ නිවෙස් තුළට වී ආගම ඇදහූ ජනතාව අර්ථවත් සංකේතයක් ලෙස මෙම හරිත චක්‍රය යොදාගත් බව සැලවේ. මුලින්ම ජර්මානුවෝ කස අතුරිකිලි යොදා මුලින් කී ආකාරයට ඉටිපහන් පහ යොදා මෙම චක්‍රය සකසා ගත්හ.

දම්පාට ඉටිපහන් මනස්තාපයද රෝස පාට ඉටිපහන ප්‍රීතිය ද සුදු ඉටිපහන ගැලවීමද සංකේතවත් කරයි. නත්තල් දා රාත්‍රී දේව මෙහෙයේ දී සුදු පාට ඉටිපහන දල්වන විට නත්තල් ගී, කැරොල් ගයමින් සැමරූ මෙම සිරිත ජර්මනියෙන් ඔස්ට්‍රියාවට ද අනතුරුව ප්‍රංශයට ද අවතීර්ණව අනෙක් රටවලට ද පැතිර ගියේය. ධර්මදූතවරුන් මගින් ආසියාතික රටවලට ද මෙම චාරිත්‍රය පසුව එක්විය.

කැලිස්ටස් ජයමාන්න හීන්කෙන්ද

ආගමන කාලයේ ඉටි පහන් හතර
advertistmentadvertistment
advertistmentadvertistment