ශ්‍රී ලංකාව ඇතුළු මැදි ආදායම් රටවලට ජී -20 හරහා සහන දෙන්න – ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ඉල්ලයි

90

අඩු ආදායම්ලාභී රටවල් සඳහා ක්‍රියාත්මක ජී -20 යාන්ත්‍රණය හරහා විශේෂ සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාව ඇතුළු මැදි ආදායම්ලාභී රටවලට සහනයක් සලසන ලෙස අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන් මහත්මිය ඉල්ලා සිටි.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සමාප්ත කරන ලෙස කඩිනම් යෝජනාවක් ස්ප්‍රින්ග් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන් මහත්මිය සඳහන් කරයි. ඇය මේ කරුණු අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පවත්වන ස්ප්‍රින්ග් සමුළුවේදීය. මෙම සමුළුව අමෙරිකාවේ වොෂිංටන්හිදී පසුගිය 10 වැනිදා ආරම්භ වුණි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහභාගි වී සිටිති.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment