තොටළඟ ගින්නෙන් 300 ක් අවතැන් – සහන සලසන්න ජනපති උපදෙස් දෙයි

89

හේතුව තවමත් හෙළිවී නෑ:

තොටළඟ, මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසල පිහිටි කජිමාවත්තේ නිවාස පෙළක පෙරේදා (27 වැනිදා) රාත්‍රී හටගත් ගින්නෙන් නිවාස 80 කට වැඩි සංඛ්‍යාවක් දැවී විනාශ වී ඇති බවත්, පුද්ගලයින් 300 කට අධික පිරිසක් අවතැන්වී ඇති බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පවසයි.

ගින්න හටගැනීමත් සමඟ එම ස්ථානයට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 8 ක්ද නාවික හමුදාවේ ගිනි නිවීමේ රථ 2 ක්ද ගින්න මැඩපැවැත්වීම සඳහා පැමිණි බව පොලිසිය කියයි.

ගින්න පැය එකහමාරකදී මැඩපැවැත්වූ බව පොලිසිය කියයි. ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නැත.

මෙම ගින්නෙන් පීඩාවට පත් පිරිස කැලණිනදී විහාරස්ථානයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ තාවකාලිකව රඳවා සිටින බවද පොලිසිය කියයි.

ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැත.

වසර එකහමාරක් ඇතුළත නිවාසවල ගින්න ඇතිවූ තුන්වැනි අවස්ථාව මෙය වේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක තාරක විජේසූරිය මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment